රට රැකියා පැමිණිලි වැඩිවේ . . .

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ  විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම, වලංගු රැකියා ඇනවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමුකිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබී ඇත.

මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාල සීමාව තුළදී ලබාදී ඇති අතර පැමිණිලිකරුවන්ට රුපියල් 53,509,520.00ක මුදලක් යළි අයකරදීමටද විමර්ශන නිලධාරීන් සමත්වී තිබේ. තවත් පැමිණිලි 680ට අධික ප්‍රමාණයක් සඳහා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද කාර්යාංශය පියවර ගෙන තිබේ.

මෙම කාලයේ  විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇණවුමක් ලබා නොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් කළ ආයතන 8ක් ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කර ඇත.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රි පාද මළුවෙන් පහළට පැන්න තරුණයා හමුවේ . . .

Thu Apr 25 , 2024
ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන අතුරුදහන්ව සිටි තරුණයා  ඊයේ (24) පස්වරුවේ වතු කම්කරුවන් පිරිසක් විසින් දැක එම තරුණයාව නල්ලතන්නිය පොලිසිය වෙත භාර දි ඇති බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම පැවසිය. ඉකුත් (19) දින හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු නඩයක් සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x