රටවල් 41 කින් ලක්ෂ 12කට රැකියා . . .

ශ්‍රී ලංකාවට රටවල් 41 කින් රැකියා බලපත්‍ර ලක්‍ෂ 12 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

මෙම රැකියා බලපත්‍ර සඳහා ශ්‍රමිකයන් යොමුකිරීමේදී වෘත්තිය කුසලතා සහ භාෂා හැකියාව යන අවශ්‍යතා සම්පූර්ණ කරන පුද්ගලයන්ට අවස්ථාව හිමිවන බව කී අමාත්‍යවරයා නිපුණතාව සහ භාෂා කුසලතාව වර්ධනය කර ශ්‍රී ලාංකිකයන් විදේශගතකිරීමට විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට . . .

Sun Jun 25 , 2023
දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරසයද ව්‍යාප්තවෙමින් පවතින බවයි රිජ්ජේ ආර්යා ළමාරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේය. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙන බව ද ඔහු පැවසීය. උණ පවතී නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත දරුවන් යොමු කිරීමෙන් වළකින ලෙසද ඔහු දැනුම් දෙයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x