ස්ටිකරය රහිතව මත්පැන් අලෙවි කරන අලෙවිසල්වල මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරයි. බදු ගෙවීම පැහැරහරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එසේ උපදෙස් ලබා දී තිබේ. මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය […]

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරසයද ව්‍යාප්තවෙමින් පවතින බවයි රිජ්ජේ ආර්යා ළමාරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේය. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙන බව ද ඔහු පැවසීය. උණ පවතී නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත දරුවන් යොමු කිරීමෙන් වළකින ලෙසද ඔහු දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවට රටවල් 41 කින් රැකියා බලපත්‍ර ලක්‍ෂ 12 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය. මෙම රැකියා බලපත්‍ර සඳහා ශ්‍රමිකයන් යොමුකිරීමේදී වෘත්තිය කුසලතා සහ භාෂා හැකියාව යන අවශ්‍යතා […]

මුහුණු පොතෙහි දැන්වීම් පළ කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරුණයන් 12 දෙනකු අත් අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු ට ලද තොරතුරක් මත විසි පහකට වැඩි පොලිස් නිළධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදුකළ වැටලීමකදී මෙම පිරිස […]

රජයේ රෝහල්වල සිටි 2,000ක් පමණ වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වසර අවසානය වන විට ඉතිරි වන්නේ 1,700කට ආසන්න පිරිසක් පමණකැයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂික ස්ථාන මාරු සඳහා 2022 ජූනි 6 වන දා ඉන්ටර්නෙට් වෙත මුදාහරින ලද සංඛ්‍යා ලේඛන අනුව රජයේ සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2250ක් සිටි […]

ශ‍්‍රී ලංකාව ඉරානයෙන් ලබාගන්නා ඉන්ධන සදහා තේ නිෂ්පාදනවලින් ගාස්තු පියවීමට එකගතාවකට පැමිණ ඇත. 2021දී දෙරටේ රජයන් මෙම එකඟතාවට එළැඹුනු අතර නව ක්‍රමවේදය ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව ඉරානයෙන් ගෙන්වූ ඩොලර් මිලියන 250ක ඉන්ධන සදහා ගෙවීම් සදහා පලමුව තේ අපනයනය කරයි. අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස් […]

එක්සත් ජනපද බුද්ධි අංශ විසින් COVID-19 චීන රසායනාගාරයකින් ව්‍යාප්ත වූ බවට සෘජු සාක්ෂි කිසිවක් සොයාගෙන නොමැති බව වර්ගීකරණය කළ වාර්තාවක සඳහන් කර තිබෙනවා. වෛරසය තුළ ස්වාභාවික සහ රසායනාගාර සම්භවයක් යන දෙකම අඩංගු බවට පිළිගත හැකි අවස්ථා පවතින බවයි එකසත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය (ODNI) පවසන්නේ. වාර්තාවල සඳහන් වන්නේ, රසායනාගාරයක් තුළින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.