මුහුණු පොතේ සාදයක් වටලයි . . .

මුහුණු පොතෙහි දැන්වීම් පළ කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරුණයන් 12 දෙනකු අත් අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු ට ලද තොරතුරක් මත විසි පහකට වැඩි පොලිස් නිළධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත

අදාල සාදය පැවැත් වූ හෝටලයේ හිමිකරු විසින් එම සාදය මුහුණු පොත හරහා සංවිධානය කර ඇති බවත් එම හෝටලයට යන මාර්ග ගස් කපා දමා හරස් කර කෙසෙල් කොල යොදාගෙන හෝටලය නොපෙනන ලෙස වසා දමා මෙම සාදය සංවිධානය කර තිබූ බවද එම කාර්යාලය පවසයි

අත් අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගංජා යොදා සකස්කල දුම්රිය 11ක් ද සාදය සංවිධානය කළ හෝටලයේ හිමිකරු සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් මත්පැන් බෝතල් 10 ක් බියර් ටින් 22 ක් සහ බියර් බෝතල් 12 ක් සොයා ගැනීමට හැකි වී ඇත

එසේම එම අවස්ථාවේදී ලබා දෙන ආහාරපාන ඉහල මිල ගණන් යටතේ අලෙවි කිරීමටද හෝටලයේ හිමිකරු කටයුතු කර තිබූ බවත් එය සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයක් පමණ මිල ගණන් බවද සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ⁣උසස් නිලධාරියෙක් පැවසීය

අත් අඩංගුවට ගත් තරුණයන් අතර කහතුඩුව ප්‍රදේශයේ සිට පැමිණි තරැණයන් හත් දෙනකු ද බලංගොඩ ඇහැලියගොඩ අවිස්සාවේල්ල ගුරුගල්ල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 18 ත් 26 ත් අතර තරැණයින් ද සැකකරුවන් අතර වේ

සැකකරුවන් පිරිස අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

  • කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රටවල් 41 කින් ලක්ෂ 12කට රැකියා . . .

Sun Jun 25 , 2023
ශ්‍රී ලංකාවට රටවල් 41 කින් රැකියා බලපත්‍ර ලක්‍ෂ 12 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය. මෙම රැකියා බලපත්‍ර සඳහා ශ්‍රමිකයන් යොමුකිරීමේදී වෘත්තිය කුසලතා සහ භාෂා හැකියාව යන අවශ්‍යතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x