ජනප්‍රිය නිළියක් සියදිවි නසාගනී . . .

ඉන්දියාවේ මොලිවුඩ් (මලයාලම්) සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ ඇයගේ නිවසේ නිදන කාමරය තුළ ගෙල වැලළාගෙන අපර්ණා සියදිවි හානිකර ගෙන ඇති බවය.

පසුගිය 31 වැනිදා රාත්‍රී 7.30ට පමණ මෙය සිදුව ඇති බවත් එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

‍මිය යන විට ඇය 33 වැනි වියේ පසුවුණි.

අපර්ණාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වන විට ඥාතීන්ගෙන් සහ ඇයගේ සමීපතමයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපර්ණා සෑම විටම සැමියා සහ දියණියන් දෙදෙනා සමඟ සතුටින් සිටින බව හැඟවෙන දෑ සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති අතර අවසන් වරට ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇය පළ කර ඇත්තේ ඇයගේ සැමියාගේ නම සඳහන් කරමින් “මගේ ශක්තිය” යනුවෙනි.

ඇය මලයාලම් සිනමාවේ මෙන්ම මාලයාලම් ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායකත්වය දක්වා ඇති අතර ඇයගේ හදිසි මරණයෙන් රසිකයින් කම්පනයට පත් ව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිසුන් 166,938 දෙනෙකුට සරසවි වරම් . . .

Mon Sep 4 , 2023
2022 (2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 166,938 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ මෙලෙස සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් අතර පාසල් අයදුම්කරුවන් 149,487ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 17,451ක් සිටින බවය. මේ අතර මෙවර පාසල් අයදුම්කරුවන් 59 දෙනෙකුගේ ප්‍රතිඵල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x