මැරයන් දමා ලීසිං වාහන අත්පත් කරගන්න බෑ . . .

නව චක්‍රලේඛනය සමග මැර කණ්ඩායම් දාලා වාහන අත්පත් කරගන්න අවසර නැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය හමුමක් අමතමින් එහි සභාපති අසංක රුවන් පොතුපිටිය මෙසේ අදහස් දක්වන ලදී.

2024.02.08 දිනයේදී වැඩබලන පොලිස්පතිතුමන් විසින් අප මෙතෙක් ඉල්ලා සිටි චක්‍රලේකය RTM – 199 නමින් ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වලට නිකුත්කරනු ලැබුවා. මෙම කරුණ නිසා කිසිදු ආකාරයකට ඉදිරියේදී ලීසිං ආයතන වලට වාහන අත්තනෝමතිකව ලබාගැනීමක් හෝ සීසර් ල හරහා වාහන පැහැර ගැනීමටද මින් ඉදිරියට නොහැකියි. පොලිසියේ මැදිහත් වීම පිළිබඳව මෙම චක්‍රලේඛය හරහා ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

සංගමයේ නියෝජ‍්‍ය ලේකම් සුමේධ අමරසිංහ

සමාජ මාධ්‍ය හරහා ණය ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව අප බොහෝ වාරයක් මහා බැංකුවට තොරතුරු වාර්තා කලත් ඔවුන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නැති නිසා ජනතාවට සහ අපට ඇත්තේ විශාල සැකයක් මහ බැංකු නිලධාරීන් මෙම ආයතන වලින් වාසි ලබා ගන්නවාදැයි කියා. අනෙක් අතට ONLINE ණය ලබාදීම නීති විරෝධී වන අතර ඔවුන් මෙම ලබා දෙන ණය නැවත අය කරගැනීම සඳහා අදාළ මුදල් ලබාගත් අයගේ පවුලේ සාමාජිකයන්ට සහ හිතවතුන්ට දුරකථන ඇමතුම් ලබාගෙන දිගින් දිගටම අපහසුතාවයන්ට පත් කරමින් සිටී. අප සංගමය ලෙස ජනතාවට කියා සිටින්නේ ඔබ මෙම ONLINE ණය ලබාගෙන තිබේනම්, එය ඔබ කැමැත්තෙන් ගෙවන්නේනම් එය ඔබේ කාරණයක්. නමුත්, එය ඔබට නොගෙවා සිටීමට ඔබට සම්පූර්ණ අවස්තාවක් ඇති බවයි.

එසේම ඔබ බැංකු ආයතන මගින් ලබාගත් ඉලෙක්ට්‍රොනික් කාඩ් පත මගින් මුදල් ගෙවීමේදී, සමහර ආයතන මගින් 1%, 2%, 3% හෝ 5% ලෙස අමතර මුදලක් ඔබෙන් කපාගැනීම සිදුකරයි. මෙය එම ආයතන සිදුකරන වරදක්.

පාරිභෝගිකයා මෙම කාඩ් පහසුකම් ලබාගන්න විට වාර්ශිකව එම පහසුකම වෙනුවෙන් මුදලක් බැංකුව වෙත ගෙවන අතර ඔබ කෙසේවත් මෙලෙස භාණ්ඩයේ වටිනාකමට වඩා මුදලක් හෝ අමතර මුදලක් ගෙවිය යුතු නැත. එම මුදල ගෙවිය යුත්තේ එම ආයතනය විසින් මිස අප විසින් නොවේ. කිසිවිටෙකත් මෙවැනි මුදලක් ඔබ විසින්, ගෙවීම සිදු නොකරන ලෙස අප දන්වා සිටිමු.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සේප්පු සුද්දා ඇල්ලූ මෙහෙයුම . . .

Sun Feb 11 , 2024
සොරුන්ගේ දැන් අලුත්ම විලාසිතාව බවට පත්ව ඇත්තේ සේප්පු කපා මුදල් සොරා ගැනීමය. මේ වන විට වැඩිම සේප්පු ප්‍රමාණයක් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත්තේ තැපැල් කාර්යාලවලය. පසුගිය වසරේ මාර්තු මාසයේදී මහාබාගේ පිහිටි තැපැල් කාර්යාලයේ පිටුපස බිත්තිය සිදුරු කරගෙන ඇතුළු වූ සොරෙක් සේප්පුව කපා රුපියල් 70,000ක මුදලක් සහ මුද්දර තොගයක් සොරා ගනිමින් ඇරඹි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x