වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.  ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක ඊයේ දිනයේ නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති […]

විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වරාය ඇතුළත වූ ක්‍රියාවලියන් ආහාර හෝ පාන ද්‍රව්‍යයන් හෝ රට අඟුරු, තෙල් හෝ ඉන්ධන හෝ වෙනත් ගොඩ බෑම, ගෙන යාම ගබඩා කිරීම බාරදීම […]

විදුලිබල සැපයීම, ඛනිජ තෙල්  සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නියෝගයකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසිනි. ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධයෙන් වන සියලුම සේවා ඛනිජ තෙල් නිෂ්පාදන හා […]

මෙරට සියලුම අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී අයකරන ගාස්තු 25%කින් ඉහල දමා ඇත. ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ ගාස්තු සංශෝධනය මෙසේය.

සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල ගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, […]

සහල් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසනවා. ඒ අනුව බාස්මති සහල් හැර සෙසු සහල් වර්ග ආනයනය තහනම් කර තිබෙනවා. සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ […]

මෝටර් රථ ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ගාස්තු නැංවිම සිදු කර ඇත. නව ගාස්තු ක්‍රියාත්මක වීම හෙට දිනයේ සිට බලපැවැත්වෙයි. අදාල ගැසට් නිවේදනය මෙසේය.

ශ්‍රි ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ඒ දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තිරයන් තුළ මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ. මහජන ආරක්ෂක ආඥාපනත ප්‍රකාරව ජනපතිවරයාට පැවැරි ඇති බලතල අනුව 2022/08/22 දින සිට මසක කාලයක් සඳහා වලංගු වන පරිදි මෙම ගැසට් නිවේදනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.