කැලණිය විශ්වවිද්‍යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රාගම රෝහලට පැමිණියේය. එහිදී විපක්ෂනායකවරයා  වසන්ත මුදලිගේ මුනගැසී ඔහුගේ තත්වය සම්බන්ධයෙන් විමසා බලනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාන්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුලු […]

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේට වසන්ත මුදලිගේ ඉවත්වී නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිතයි. පසුගිය 14 (ඉරිදා) අන්තරේ සැසියේදී මේ බව දන්වා ඇත. මැයි 20 කැලණිය විශ්වවිද්‍යාලයේදී මෙම නව පත්වීමේ අවස්ථාව සිදුකිරීමට සූදානම් කොට ඇත. සබරගමුව, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාල මේ ඡන්ද විමසීමේ අවස්ථාවට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇත. පසුගිය කාලයේ අන්තර් […]

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ. ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වස්න්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ […]

කොළඹ මහාධිකරණය, වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අභියාචනය ලබන 27 වනදා කැඳවන ලෙස දින නියම කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් […]

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (මාර්තු 8) දහවල් ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. විරෝධතාකරුවන් තුම්මුල්ල මංසන්ධියේ සිට පාගමනින් පැමිණෙමින් සිටියදී කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේදී ඔවුන් විසුරුවා හැරීම මෙලෙස කටයුතු කර ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (මාර්තු […]

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය මේ වනවිට ආරම්භ කර තිබෙන විරෝධතා පාගමනක් හේතුවෙන් රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වෙයි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (16) දහවල් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් එහි සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේය. ඒ ත්‍රස්ත පනත අහෝසි කිරීම, බදු බර, බඩුමිල පහත හෙළීම, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල […]

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද යළිත් හෙට (දෙසැ. 13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ අනුව, ඔහු යළිත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ සිට මාධ්‍ය වෙත අදහස් දැක්වීය. “මේ රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න කතා කරන […]

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ කැලණිය දළුගම ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බවය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) වරෙන්තු නිකුත් කළේය. 2021 වසරේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශියක් ලෙස කටයුතු කරමින් අයුතු අවහිරයක් සිදුකළේ යැයි කියමින් පොලීසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළව අද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවිනි. 2021 වසරේ කොටුව ප්‍රදේශයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.