වසන්ත යාපනයෙන් පන්නයි . . .

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ.

ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වස්න්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය  රිම්මර් මණ්පයේදී සාකච්ඡාවක නිරත වන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවත්වුණි.

පාගමනකින් පැමිණ සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් පවසා සිටියේ කොළඹ සිට පැමිණි පිරිස වහාම සාකච්ඡා නවත්වා යාපනයෙන් පිටත්වන ලෙසටය.

  • රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාර් රේස් එපා . . .

Sun Mar 26 , 2023
මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාවන පථයේ අධික ශබ්දය හේතුවෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාමට බාධාවක බව පවසමින් ප්‍රදේශවාසීහු පිරිසක් මීරිගම කොටදෙනියාව මාර්ගයේදි උද්ඝෝෂණයක යෙදුනහ. හකුරුකුඹුර විහාරාධිපති රෝටුඹේ සාරද හිමියන් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක් වූහ. කොටදෙනියාව මාර්ගයේ සිට ධාවන පථයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x