ඉන්දියාවේ නවදිල්ලි නුවර ස්ථාපනය කෙරුණු ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ කලාපීය කාර්‍යලය සහ නවෝත්පාදන මධ්‍යස්ථානය, ( INTERNATIONAL TELECOMMUNICATION UNION ) කලාපයේ නවෝත්පාදන වල මූලාරම්භය ට, ශක්තිමත් ප්‍රවේශයක් ලබා දී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ස්ථාපනය කෙරුනු ජාත්‍යන්තර විදුලි සංදේශ […]

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. යටත් විජිත පාලනයෙන් නිදහස ලබා වසර 100ක් සපිරෙන 2048 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වනු ඇති […]

අමෙරිකාවේ, මිසිසිපි හා ඇලබාමා ප්‍රාන්තවලට බලපෑ දරුණු ටොනාඩෝ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර මුදාගැනීමේ හා සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ප්‍රාන්ත බලධාරීන් පවසයි. ටොනාඩෝ තත්ත්වය හේතුවෙන් මිසිසිපි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන තිබේ. එම ප්‍රාන්තයට අයත් රෝලින්ග්ෆෝක් නගරය […]

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාව අප්‍රේල් මස 29 වන දින සිට ආරම්භ කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල් වරායේ සිට කන්කසන්තුර වරාය දක්වා එම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම මගී යාත්‍රා සේවාව ආරම්භ කිරිම සඳහා කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු […]

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කරන මුවාවෙන් තම හිතවත් සමාගම් වලට මංකොල්ලයක් ලෙස විකුණා දැමීමට අමාත්‍යවරයා උත්සාහ දරන බවට ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති අශෝක රන්වල පවසන්නේ තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට විරුද්ධව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බවයි. පාඩු ලබන තෙල් සංස්ථාව අසීමිත […]

හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90/=ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි. අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, කිරි පිටි මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබාදීම සඳහා එම සහනය ලබා දුන් බවය. ඒ අනුව මෙතෙක් රුපියල් 100/=ට පැවති කිරි […]

මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාවන පථයේ අධික ශබ්දය හේතුවෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාමට බාධාවක බව පවසමින් ප්‍රදේශවාසීහු පිරිසක් මීරිගම කොටදෙනියාව මාර්ගයේදි උද්ඝෝෂණයක යෙදුනහ. හකුරුකුඹුර විහාරාධිපති රෝටුඹේ සාරද හිමියන් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක් වූහ. කොටදෙනියාව මාර්ගයේ සිට ධාවන පථයට […]

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ. ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වස්න්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.