කිරි තේ මිල හෙට වෙනස් වෙයි . . .

හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90/=ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, කිරි පිටි මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබාදීම සඳහා එම සහනය ලබා දුන් බවය. ඒ අනුව මෙතෙක් රුපියල් 100/=ට පැවති කිරි තේ කෝප්පයක් හෙට සිට රුපියල් 10ක් අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාගත හැකිය.

මේ අතර හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි කිලෝ එකක මිල රුපියල් 200/=කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80/=කින් අඩුකළ බව කිරි පිටි ආනයනකරුවන් පසුගිය දා පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

CEYPETCO ඇමති හිතවත් සමාගම් වලට විකුණයි . . .

Sun Mar 26 , 2023
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කරන මුවාවෙන් තම හිතවත් සමාගම් වලට මංකොල්ලයක් ලෙස විකුණා දැමීමට අමාත්‍යවරයා උත්සාහ දරන බවට ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති අශෝක රන්වල පවසන්නේ තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට විරුද්ධව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බවයි. පාඩු ලබන තෙල් සංස්ථාව අසීමිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x