කාර් රේස් එපා . . .

මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාවන පථයේ අධික ශබ්දය හේතුවෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාමට බාධාවක බව පවසමින් ප්‍රදේශවාසීහු පිරිසක් මීරිගම කොටදෙනියාව මාර්ගයේදි උද්ඝෝෂණයක යෙදුනහ.

හකුරුකුඹුර විහාරාධිපති රෝටුඹේ සාරද හිමියන් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක් වූහ. කොටදෙනියාව මාර්ගයේ සිට ධාවන පථයට ඇතුළු වන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය සිදු කෙරිණි. ධාවන පථයෙන් නිකුත් වන අධික ශබ්දය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම රෝගාබාධවලට පත්ව සිටින ජනතාවද මහත් පීඩාවට පත් වෙන බවට මෙහිදී ජනතාව කරුණු දැක්වූහ.

වසර හත අටක් තිස්සේ තමන් මෙම දුක විඳ ඇතැයි ද තවදුරටත් මෙසේ දුක් විඳීමට නොහැකි නිසා මෙසේ පාරට බැසීමට සිදු වූ බවද ජනතාව සඳහන් කළහ.

තමන් ඉදිරිපත් කළ පැමිණිලි සඳහා කිසිදු විසඳුමක් ලැබී නැති බවද ජනතාව මෙහිදී කරුණු දැක්වූහ.

  • පුෂ්පකුමාර මල්ලවආරච්චි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කිරි තේ මිල හෙට වෙනස් වෙයි . . .

Sun Mar 26 , 2023
හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90/=ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි. අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, කිරි පිටි මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබාදීම සඳහා එම සහනය ලබා දුන් බවය. ඒ අනුව මෙතෙක් රුපියල් 100/=ට පැවති කිරි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x