අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ රාගම රෝහලට . . .

කැලණිය විශ්වවිද්‍යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රාගම රෝහලට පැමිණියේය.

එහිදී විපක්ෂනායකවරයා  වසන්ත මුදලිගේ මුනගැසී ඔහුගේ තත්වය සම්බන්ධයෙන් විමසා බලනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාන්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.

භාෂණයේ ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් සනාථ කර ඇත බැවින් සාමකාමීව උද්ඝෝෂණය කිරීමට  හැකි  අවස්ථාවක රජය නිරතුරුවම ජනතාවගේ මූලික අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසන තත්ත්වයකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

මෙරට ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය භාවිත කිරීමේ නිදහස පැවැතිය යුතු බවත් එය රජය අහෝසි කිරීම විපක්ෂයක් ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.

මැතිවරණය වළක්වා ඒකාධිපති පාලනයක් ගෙන යමින් ජනතාවගේ මූලික අයිතින් පවා උල්ලංඝනය කරන ආණ්ඩුව සමග කිසිදිනක තමාට හෝ තම පක්ෂයේ කිසිවකුටත් සම්බන්ධයක් නොමැති බවත් ජනතා විරෝධී ආණ්ඩුව සමග කිසිදින එක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහි දී තවදුරටත් පැවසීය.

  • නිමල කොඩිතුවක්කු

 


Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ධාතු කරඬුව සොරකම් කළ යුවළක් අත්අඩංගුවට . . .

Fri May 19 , 2023
කල්දමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රනින් නිමවූ නෙළුම් මලක හැඩයෙන් යුත් ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. එම ධාතු කරඬුව සොරා ගන්නා විට එය උණු කර තිබූ බවත් ග්‍රෑම් 61යි මිලිග්‍රෑම් 170 බරින් යුත් රන් ගුලියක් පොලිසිය මඟින් සොයාගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x