පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය පවසා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙන් බව ඔවුන් පවසා තිබුණා. 1960 වසරේ කැනේඩියානු රජයේ සහයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් සොයා ගැනුණේ පානදුර,ගාල්ල,මාතර, හම්බන්තොට යනාදී ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණ බලය අඩු බවයි. එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ශරීරයේ බර යම් ප්‍රමාණයකින් […]

ඔන්ලයින් හෙවත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයට අනුව අන්තර්ජාල වෙළඳ වේදිකා මෙහෙයුම්කරුවෙකු භාණ්ඩයක ප්‍රචාරණය කරනවිට කිසිදු නියෝජනයක් හෝ කරුණු අත්හැරීමක් සිදු නොකළ යුතුයි. එමෙන්ම භාණ්ඩයක සත්‍ය ගැණුම් මිල අදාළ භාණ්ඩය සඳහා අන්තර්ජාල වෙළඳ වේදිකාවේ දර්ශනය කර ඇති […]

දකුණු ගැඹුරු මුහුදේ සිට යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මැයි 18) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120කට වැඩි ප්‍රමාණයක් මෙම යාත්‍රාව තුළ තිබී ඇති බව කියන නාවික හමුදාව එහි වටිනාකම රුපියල් කෝටි 120කට අධික බව පවසයි. එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි […]

කල්දමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රනින් නිමවූ නෙළුම් මලක හැඩයෙන් යුත් ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. එම ධාතු කරඬුව සොරා ගන්නා විට එය උණු කර තිබූ බවත් ග්‍රෑම් 61යි මිලිග්‍රෑම් 170 බරින් යුත් රන් ගුලියක් පොලිසිය මඟින් සොයාගෙන […]

කැලණිය විශ්වවිද්‍යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රාගම රෝහලට පැමිණියේය. එහිදී විපක්ෂනායකවරයා  වසන්ත මුදලිගේ මුනගැසී ඔහුගේ තත්වය සම්බන්ධයෙන් විමසා බලනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාන්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුලු […]

ඩුබායි සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් මලුවල තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පැවසීය. කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන 35 හැවිරිදි අදාල පුද්ගලයා කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී පරීක්‍ෂා කිරීමේ රත්තරන් කම්බි ලෙස සකස් […]

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබ […]

අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක හදිසියේ ගිනිගැනීමකට ලක්වී තිබේ. අද (19) සවස ගින්න ඇතිවී තිබෙන අතර රුපියල් කෝටි ගණනක බඩ තොගයක් එහි තිබූ බව වාර්තා වෙයි. මෙම ගිනිගැනීම සිදුව ඇත්තේ අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබියදීයි.  අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් මෙම බට තොගය අරණායක උස්සාපිටිය මහජන […]

බුලත්කොළ යොදා ගනිමින් ටොෆි නිෂ්පාදනය කිරීමට අතුරු වගා හා බුලත් පර්‌යේෂණ ආයතනයට හැකි වූ බව අතුරු වගා, බුලත් පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රවීනා දිසානායක පැවසුවාය. බුලත් යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීමට සිදුකළ පර්‌යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බුලත් ටොෆී නිෂ්පාදනය කිරීමේ පර්‌යේෂණ සාර්ථකවී ඇති අතර හුනු සහ දුම්කොළ සමග […]

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල  රැදී  සිට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත්  තැරව්කරුවන් 9 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අද (19) අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මෙම සැකකරුවන් මෙහි සේවාවන් ලබා ගැනීම සඳහා  පැමිණෙන  පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොර පාරෙන්   සකස් කරන්න පුද්ගලයින් බවද එම අමාත්‍යාංශය පවසයි. ආගමන විගමන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.