කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය කියයි. පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සැකකරු කෑගල්ල පරගම්මන ලිදුල පදිංචිකරුවෙකි. ව්‍යාජ ලෙස සකස් […]

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය. ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසීය. සුමින්ද සිරිසේන උපන්නේ 1948 ජූලි 4 වැනිදා කෑගල්ලේ පිටිසර ගමක්වූ බොස්සැල්ලේදී පවුලේ වැඩිමලා ලෙසය. ඔහුගේ පියා […]

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පෙරේදා( 2) ඇතුළත් කරනු ලැබීය. භෝජන සංග්‍රහයකදී ආහාර වර්ගයක් අනුභව කිරීමෙන් පසුව ඔහු මෙසේ අසනීපවී ඇති හෙයින් එම ආහාර ඔහුට විස වන්නට ඇතැයි සැක කෙරෙන බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් ඔහුගේ තත්වය අයහපත් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. […]

දිලීර රෝගයක් හේතුවෙන් ප්‍රදේශ රැසක සාදික්කා වගාව දැඩි අවදානමකට ලක්ව ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර පැවසීය. මහනුවර, කෑගල්ල, මාතලේ හා රත්නපුර දිස්ත්‍රික්කවල මෙම දිලීර රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අතර එය කඩිනමින් පාලනය නොකළහොත් දිවයින පුරා රෝගය පැතිර යාමේ අවදානමක් උද්ගතව පවතින බවත් රෝගය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.