කෑගල්ලේ හොර කච්චේරියක් වටලයි . . .

කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය කියයි.

පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

සැකකරු කෑගල්ල පරගම්මන ලිදුල පදිංචිකරුවෙකි.

ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිකරණ නියෝග සහිත වාර්තා, ව්‍යාජ ඔප්පු, ව්‍යාජ පත් ඉරු, පොලිස් වාර්තා, රියදුරු බලපත්‍ර , හැඳුනුම්පත් , නොයෙකුත් උපාධිපාඨමාලා හැදෑරූ සහතිකපත්, බාහිර උපාධි පාඨමාලා සහතික පත්, ජල බිල්පත් , විදුලි බිල් පත්, ව්‍යාජ නිලමුද්‍රා ඇතුළු ඒවා සකස් කිරීමට යොදාගත් උපකරණද පොලිස් බාරයට ගෙන තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජපානයෙන් යෙන් මිලියන 1,600ක ආධාරයක් . . .

Tue Mar 12 , 2024
ශ්‍රී ලංකාව වෙත යෙන් මිලියන 1,600ක ආධාර ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. රජය සඳහන් කළේ, ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ මෙම ආධාරය ප්‍රදානය කෙරෙනු ඇති බව ය. එය දල වශයෙන් රුපියල් බිලියන 3.3ක් පමණ වන බව ද රජය පැවසීය. ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x