ජපානයෙන් යෙන් මිලියන 1,600ක ආධාරයක් . . .

ශ්‍රී ලංකාව වෙත යෙන් මිලියන 1,600ක ආධාර ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.

රජය සඳහන් කළේ, ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ මෙම ආධාරය ප්‍රදානය කෙරෙනු ඇති බව ය.

එය දල වශයෙන් රුපියල් බිලියන 3.3ක් පමණ වන බව ද රජය පැවසීය.

ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ තෙල් කාන්දු සඳහා ප්‍රතිචාර සහ කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, උතුරු පළාතේ රෝහල්වල මාතෘ සහ ළමා ප්‍රතිකාර සඳහා ආධාරක උපකරණ සැපයීමේ සහ උතුරු පළාතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ඇඟලුම් පාඨමාලා සඳහා ආධාරක උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිය, උතුරු නැගෙනහිර පළාත්වල ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා ආධාරක උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එම ආධාර ලබා දෙනු ඇත.

රජය සඳහන් කළේ, එම ආධාර ලබා ගැනීම සඳහා ජපාන රජය සමග හුවමාරු පත්‍ර සහ වෙනත් අදාළ ලියකියවිලි අත්සන් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව ය.

  • Tharaka Samman
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගී මාර්ගවලින් STF ඉවත් කරයි . . .

Tue Mar 12 , 2024
අධිවේගී මාර්ගයන්හි මෙතෙක් රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා බටයන් ඊයේ දිනයේ සිට ඉවත් කර තිබේ. ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සමාගමේ නිලධාරීන් ඊට අනුයුක්ත කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුම් දී තිබුණේ අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලදී ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x