කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය කියයි. පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සැකකරු කෑගල්ල පරගම්මන ලිදුල පදිංචිකරුවෙකි. ව්‍යාජ ලෙස සකස් […]

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා දී තිබේ. පවතින අධික තදබදයට විසඳුමක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටා ඇති ශාඛා කාර්යාල ආවරණය වන පරිදි මෙම මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය හඳුන්වා […]

ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, “රියදුරු බලපත්‍ර 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් […]

දැනට පවතින අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේත සහිත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) දියත් කර ඇති බව වාර්තා වනවා. මාධ්‍ය වාර්තාවලට අනුව, DMT කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ, ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ඔක්තෝම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව ආරම්භ කළ […]

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි. රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත් එම ගිවිසුම ප්‍රකාරකව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.