ලයිසන් මුද්‍රණයෙන් හමුදාව ඉවතට . . .

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත් එම ගිවිසුම ප්‍රකාරකව නැවත භාරගන්නා බවත් ඔහු සඳහන් කළේය.

එම අංශයේ කටයුතු පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට පුහුණුව ලබමින් සිටින බවත් ඉන් පසුව එම නිලධාරීන් එහි සේවයට අනුයුක්ත කරන බවත් මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉපැරණි බිතුසිතුවම් ඩිජිටල් වෙයි . . .

Wed Jul 26 , 2023
ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. මේ යටතේ ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පැරණි බිතුසිතුවම් අඩංගු විහාරස්ථාන 874ක් වීඩියෝගත කර සහ ඡායාරූප රැගෙන දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x