ඉපැරණි බිතුසිතුවම් ඩිජිටල් වෙයි . . .

ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

මේ යටතේ ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පැරණි බිතුසිතුවම් අඩංගු විහාරස්ථාන 874ක් වීඩියෝගත කර සහ ඡායාරූප රැගෙන දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

මෙහි ආරම්භක වැඩසටහන කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී සිදු වේ.

බිතුසිතුවම් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල අනුව බිතුසිතුවම් සංරක්‍ෂණය සදහා මැදිහත් වීමේ ප්‍රමුඛතා ලේඛණයක් සැකසීම සිදු වේ.

සංරක්‍ෂණ කටයුතුවල දී අවශ්‍ය දත්ත ලබා ගැනීම, මෙම ඓතිහාසික සිතුවම් ක්‍රමිකව හායනය වන බැවින් අනාගත පරපුරට දැක ගැනීමට හැකිවීම, පර්යේෂකයන් හා විද්වතුන්ගේ පර්යේෂණ කටයුතු සදහා අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කරන බව අමාත්‍යංශය සදහන් කරයි.

මෙම ලේඛන මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල ආචාර්ය රෝලන්ඩ් සිල්වා මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමට අමතරව බිතුසිතුවම් අඩංගු විහාරයට ද ඩිජිටල් පිටපතක් ලබා දීමට නියමිතය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දෙහිවල සත්වෝද්‍යානයේ අයිස් ක්‍රීම් අලෙවිය . . .

Wed Jul 26 , 2023
ලබන මස පළමු වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ අයිස්ක්‍රීම් අලෙවි කෙරෙන්නේ පොලිතින් ආවරණය ඉවත් කරමින් බව එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා. සත්වෝද්‍යානය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කිරීම සඳහා මෙම පියවර ගන්නා බවත් බිස්කට් අලෙවි කිරීමේ දී ද පොලිතින් ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවත්  මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x