ඇපල් සමාගම අතීතයේදී තම සේවකයන් සඳහා සපත්තු නිර්මාණය කළ අතර 1990 දශකයේ මැද භාගයේදී එසේ නිෂ්පාදනය කළ සපත්තු ජෝඩුවක් ඇමෙරිකානු ඩොලර් 50000 කට (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට) ආසන්න මුදලකට වෙන්දේසි කිරීමට තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔමේගා ස්පෝර්ට්ස් ඇපල් කම්පියුටර් සපත්තු වර්ගයට මෙම සපත්තු ජෝඩුව […]

චීන බලධාරීන් ටිබෙටයේ ආරාම වැටලීම් සහ සෝදිසි කිරීම් කිහිපයක් සිදුකර ඇති අතර, ටිබෙට් බුදුදහමේ උත්තරීතර ආධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා සමඟ ඇති සියලු සබඳතා බිඳදැමීමට අවශ්‍ය ලියකියවිලිවලට අත්සන් කරන ලෙස භික්ෂූන් වහන්සේලාට බල කර ඇතැයි රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කරයි. මෙම මාසයේ සිට, ආරක්‍ෂාව පවත්වාගෙන යාමේ මුවාවෙන් චීන බලධාරීන් ෂෙන්ට්සා […]

මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව, එරට පාර්ලිමේන්තුවට (ලොක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි. මනිපූර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. වාර්ගික ගැටුම් ආරම්භ වූයේ පසුගිය මැයි මාසයේය. එම ගැටුම් හේතුවෙන් මේ වනවිට 130 දෙනකු මියගොස් ඇති අතර, […]

ග්‍රීසියේ දූපතක ඇති වූ ලැව් ගින්නක් නිවා දැමීමට ගමන් කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම අනතුරින් එහි ගමන් කළ නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් විය. මෙලෙස ගුවන් යානය එකවරම කඩා වැටී ඇත්තේ එම දූපතේ එක් කොටසක ගින්න නිවීමට ජලය සපයමින් සිටිය දී ය. […]

ලබන මස පළමු වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ අයිස්ක්‍රීම් අලෙවි කෙරෙන්නේ පොලිතින් ආවරණය ඉවත් කරමින් බව එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා. සත්වෝද්‍යානය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කිරීම සඳහා මෙම පියවර ගන්නා බවත් බිස්කට් අලෙවි කිරීමේ දී ද පොලිතින් ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවත්  මෙම […]

ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. මේ යටතේ ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පැරණි බිතුසිතුවම් අඩංගු විහාරස්ථාන 874ක් වීඩියෝගත කර සහ ඡායාරූප රැගෙන දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු […]

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි. රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත් එම ගිවිසුම ප්‍රකාරකව […]

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් අණ නොතකා ඇතුළු වී ධාවනය කළ පුද්ගලයෙකුට දඩ නියම කර තිබෙනවා. ඒ පනස්දෙදහස් පන්සියයක දඩ මුදලක් වන අතර රියැදුරු බලපත්‍රය ද වසරකට අත්හිටුවා ඇත. මෙසේ දඩ නියම වූයේ මතුගම නාරවිල පදිංචි පුද්ගලයෙකුට වේ. පසුගිය දිනෙක රාත්‍රි ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හුවමාරුවේ මාතර දෙසට ඇතුළුවන දොරටුවෙන් දක්ෂිණ […]

වකුගඩු බද්ධ කිරීමේදී භාවිතා කරනු ලබන එන්නත් හිඟවීම නිසා කොළඹ මාළිගාවත්තේ පිහිටි වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) වකුගඩු බද්ධ කිරීමේ කටයුතු අඩාළ වීමේ අවධානමක් මතුව තිබේ. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමේදී භාවිතා කරනු ලබන එන්නත් වර්ග දෙකෙහිම හිඟයක් පවතින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් […]

ලෝක මිහිකත විවාහක රූ රැජින – 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත් අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . ලෝකයේ රටවල් 45 ක තරගකාරියන් 60 දෙනකුගේ සහභාගීත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර ඉකුත් 17 සිට 22 දින දක්වා මෙම තරගාවලිය පවත්වා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.