ගුවන් යානයක් කඩා වැටෙයි . . .

ග්‍රීසියේ දූපතක ඇති වූ ලැව් ගින්නක් නිවා දැමීමට ගමන් කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම අනතුරින් එහි ගමන් කළ නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස ගුවන් යානය එකවරම කඩා වැටී ඇත්තේ එම දූපතේ එක් කොටසක ගින්න නිවීමට ජලය සපයමින් සිටිය දී ය.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය කියා සිටියේ යුරෝපයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සිසිලි, ඇල්ජීරියාව සහ ටියුනීසියාව වැනි රටවල්වල ද ලැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

  • Krishani

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෝදිට එරෙහිව විශ්වාසභංගයක් . . .

Wed Jul 26 , 2023
මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව, එරට පාර්ලිමේන්තුවට (ලොක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි. මනිපූර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. වාර්ගික ගැටුම් ආරම්භ වූයේ පසුගිය මැයි මාසයේය. එම ගැටුම් හේතුවෙන් මේ වනවිට 130 දෙනකු මියගොස් ඇති අතර, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x