මෝදිට එරෙහිව විශ්වාසභංගයක් . . .

මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව, එරට පාර්ලිමේන්තුවට (ලොක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි.

මනිපූර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි.

වාර්ගික ගැටුම් ආරම්භ වූයේ පසුගිය මැයි මාසයේය. එම ගැටුම් හේතුවෙන් මේ වනවිට 130 දෙනකු මියගොස් ඇති අතර, 60,000 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි පැවැසෙයි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 542 කි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට හිමි ආසන 301 කි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගතවී විශ්වාසභංගයක් ඉදිරිපත් කළත් එය පරාජය කිරීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂය සතුය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දලයි ලාමා සමඟ සබඳතා එපා . . .

Wed Jul 26 , 2023
චීන බලධාරීන් ටිබෙටයේ ආරාම වැටලීම් සහ සෝදිසි කිරීම් කිහිපයක් සිදුකර ඇති අතර, ටිබෙට් බුදුදහමේ උත්තරීතර ආධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා සමඟ ඇති සියලු සබඳතා බිඳදැමීමට අවශ්‍ය ලියකියවිලිවලට අත්සන් කරන ලෙස භික්ෂූන් වහන්සේලාට බල කර ඇතැයි රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කරයි. මෙම මාසයේ සිට, ආරක්‍ෂාව පවත්වාගෙන යාමේ මුවාවෙන් චීන බලධාරීන් ෂෙන්ට්සා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x