තමිල්නාඩු ආණ්ඩුව නුදුරේදී ම රාමනාදපුරම් රජ පරම්පරාවේ උරුමක්කාරයන් හා පීඩාවට පත්ව සිටින ඉන්දීය ධීවර ප්‍රජාව එක්ව කච්චතිව් දූපත සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව තමිල්නාඩු නීති හා අධිකරණ අමාත්‍ය එස්. රගුපති පැවසී යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. කච්චතිව් දූපත සිය පරම්පරාවට අයත් යැයි ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර අධිකරණය […]

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතයක් මගින් ගෙවීම් කටයුතු සිදු කරන UPI ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. මෙම ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වා දීම ඊයේ (පෙබ. 12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබේ. ජනාධිපතිවරයා පසුගිය දා […]

ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැලකෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 35ත් 40ත් අතර පිරිසක් සිට ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 […]

අහිමි වූ ලොක් සභා මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමටත් ඉදිරියේදී පවත්වන මැතිවරණ සඳහා තරඟ කිරීමටත් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත. පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ගුජරාට් හි අධිකරණයක් රාහුල් ගාන්ධි ට එරෙහිව අගමැති නරේන්ද්‍ර මෝදි ට […]

මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව, එරට පාර්ලිමේන්තුවට (ලොක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි. මනිපූර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. වාර්ගික ගැටුම් ආරම්භ වූයේ පසුගිය මැයි මාසයේය. එම ගැටුම් හේතුවෙන් මේ වනවිට 130 දෙනකු මියගොස් ඇති අතර, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.