රාහුල් ගාන්ධිට යළි මන්ත්‍රිධූරය . . .

අහිමි වූ ලොක් සභා මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමටත් ඉදිරියේදී පවත්වන මැතිවරණ සඳහා තරඟ කිරීමටත් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ගුජරාට් හි අධිකරණයක් රාහුල් ගාන්ධි ට එරෙහිව අගමැති නරේන්ද්‍ර මෝදි ට සහ මෝදි යන නම සහිත වෙනත් පුද්ගලයින්ට අපහාස කළ බවට වූ චෝදනාවට වැරදිකරු කෙරිණි.

එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ මන්ත්‍රීවරයාගේ පවුල් නාමය “මෝදි” බව සඳහන් ය.

53 හැවිරිදි ගාන්ධි එම ප්‍රකාශය 2019 දී කළ බවට අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබුණි.

එහිදී අධිකරණය විසින් ගාන්ධි ට එරෙහිව වසර දෙකක සිරදඬුවමක් ලබාදුනි. නමුත් සිරගත කිරීම නොකර ඔහුට ඇප ලබාදුනි.

එම නඩු තීන්දුවෙන් අනතුරුව ඔහුට පාර්ලිමේන්තු අසුන අහිමි විය. ඒ වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් සඳහා සිර දඬුවමක් මන්ත්‍රීවරයෙක් ට නියම කළහොත් ඔහුගේ මන්ත්‍රී පදවිය අහිමිවෙයි.

නමුත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමග ඔහුට මන්ත්‍රී ධුරය නැවතත් හිමිවෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රූපවාහිනියේ හිඟ විදුලි බිල කෝටි පහ පනී . . .

Sat Aug 5 , 2023
ලක්ෂ 520 ක ජාතික රූපවාහිනි සංස්ථාවේ හිඟ විදුලි බිලෙන් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ගෙවීමට කටයුතු කර තිබේ. ඒ අනුව පසුගිය දා එම හිග විදුලි බිලෙන් ලක්ෂ 250ක් ගෙවීමට රූපවාහිනී සංස්ථාව කටයුතු කර ඇත. සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ඉතිරි මුදලද ලබන මාසය තුළ දී සම්පූර්ණයෙන්ම ගෙවා නිමකිරීමට බලාපොරොත්තු වන බවය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x