අහිමි වූ ලොක් සභා මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමටත් ඉදිරියේදී පවත්වන මැතිවරණ සඳහා තරඟ කිරීමටත් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත. පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ගුජරාට් හි අධිකරණයක් රාහුල් ගාන්ධි ට එරෙහිව අගමැති නරේන්ද්‍ර මෝදි ට […]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  වීරකැටිය නිවසේ උත්සවයකට සභාගිවීම වෙනුවෙන් 2019 වසරේ ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 27 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. හිටපු ජනාධිපතිවරයා 2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ උත්සවයකට සහභාගි වන බැවින් […]

අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය Air Asia ගුවන් සේවා සමාගමට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීම ඊයේ (අගෝ :3) කටුනායකදී සිදු කර තිබේ. ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාලසටහනකට (Scheduled […]

චීනයේ විදේශ අමාත්‍යාංශය, හිටපු විදේශ අමාත්‍ය චිං ගන්ග් බීජිංහිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමග පැවති හමුව පිළිබඳ තොරතුරු ඇතුළු ඔහුගේ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධ විස්තර සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇතැයි සී.එන්.එන් පුවත් වාර්තා කරයි. චිංගේ පූර්වගාමියා වැන්ග් යී යළි විදේශ අමාත්‍ය ධුරයට පත් කිරීමත් සමග මෙම මකා දැමීම […]

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙය එහි අදායම මෙන් විසිහය ගුණයක් බවද ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. මෙම ගුවන්තොටුපොලෙහි පාඩුව 2021 වසරේදි කෝටි 444ක් වූ […]

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට  සමහර  ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි පැවසෙන හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත. පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) ජී. තච්චනා රාණී ගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන්  ලෙස හැන්සාඩ්  සංස්කාරක සී.එන්.එල්.ද සිල්වා සහ  සහකාර […]

සමගි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව විපක්ෂනායකවරයා පවසන්නේ අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් විපක්ෂනායක සජිත් […]

තඹ ගැනීමේ අරමුණින් රටපුරා ඇති දුරකතන රැහැන් හා විදුලි කම්බි කපන කණ්ඩායමක හත්දෙනෙකු ගලහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ටෙලිකොම් සමාගමට අයත් ගලහ නිල්ලඹ සිට හාල්වත්ත දක්වා වූ දුරකථන රැහැන් කපමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට පත්ව තිබිණි. ටෙලිකොම් සමාගමේ සේවකයන් ලෙස නිල ඇඳුම් හැඳ ත්‍රිරෝද රථ දෙක ද ටෙලිකොම් ලාංඡන හා […]

ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව පවත්වා ගනිමින් මීළග සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර […]

ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද(4) රාත්‍රි  10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. යාල් නිලා  ලෙස නම්කර ඇති මෙම වායුසමනය කළ දුම්රිය කන්කසන්තුරේ ට ළගා වීමෙන් අනතුරුව ලබන ඉරිදා (6) රාත්‍රි 10ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹ කොටුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.