ඉවත් කළ විදේශ ඇමතිගේ ඉතිහාසයත් මකාදමයි . . .

චීනයේ විදේශ අමාත්‍යාංශය, හිටපු විදේශ අමාත්‍ය චිං ගන්ග් බීජිංහිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමග පැවති හමුව පිළිබඳ තොරතුරු ඇතුළු ඔහුගේ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධ විස්තර සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇතැයි සී.එන්.එන් පුවත් වාර්තා කරයි.

චිංගේ පූර්වගාමියා වැන්ග් යී යළි විදේශ අමාත්‍ය ධුරයට පත් කිරීමත් සමග මෙම මකා දැමීම සිදුව තිබේ.

කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ජුනි මස අගදී චිං අතුරුදන්වීමෙන් සති කිහිපයකට පසු ඔහු අමාත්‍යධූරයෙන් නෙරපා හැරි බව වාර්තා විය.

චිං ගේ වේගවත්, මාස හයක විදේශ අමාත්‍ය ධුර කාලය සම්පූර්ණයෙන් මකා දැමීම සහ පසුගිය වසරේ අගභාගයේදී උසස්වීමක් ලැබීමට පෙර දළ වශයෙන් දශකයක් පමණ එම තනතුර දැරූ වැන්ග් ඔහු වෙනුවට පත් කිරීම, චීනයේ දේශපාලන අභිරහස් ගැඹුරු කර ඇත.

චිං සිටින ස්ථානය, ඔහු ඉවත් කිරීමට හේතුව සහ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ඔහුගේ අවසාන ඉරණම තවමත් නොදන්නා බවද සී.එන්.එන් පුවත් වාර්තා කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අබුඩාබි වෙත අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් . . .

Fri Aug 4 , 2023
අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය Air Asia ගුවන් සේවා සමාගමට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීම ඊයේ (අගෝ :3) කටුනායකදී සිදු කර තිබේ. ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාලසටහනකට (Scheduled […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x