දුරකතන කම්බි කපන ජාවාරමක් . . .

තඹ ගැනීමේ අරමුණින් රටපුරා ඇති දුරකතන රැහැන් හා විදුලි කම්බි කපන කණ්ඩායමක හත්දෙනෙකු ගලහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ටෙලිකොම් සමාගමට අයත් ගලහ නිල්ලඹ සිට හාල්වත්ත දක්වා වූ දුරකථන රැහැන් කපමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට පත්ව තිබිණි.

ටෙලිකොම් සමාගමේ සේවකයන් ලෙස නිල ඇඳුම් හැඳ ත්‍රිරෝද රථ දෙක ද ටෙලිකොම් ලාංඡන හා නාමය ගසාගෙන මොවුන් මෙම රැහැන් කපමින් සිට ඇත.

පෙරේදා (අගෝ. 2) රාත්‍රි 7.00 වනතුරුත් මේ ලෙස දුරකතන කණු මත සිටිමින් කේබල් කපා ඉවත් කිරීම පිළිබඳව සැක කළ පොලිසිය ඒ පිළිබඳව සොයා බලා තිබේ.

ඒ වන විට ත් කිලෝමීටර් දෙකක පමණ රැහැන් කපා ත්‍රිරෝද රථවලට පටවා ඇති අතර තව කොටසක් මාර්ගයේ බෝක්කුවක් යට සඟවා තිබීම පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඔවුන් ටෙලිකොම් සේවකයන් නොවන බව හෙළි වී ඇත.

නුවරඑළිය, රම්බොඩ හා කඩුගන්නාව ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් රටේ විවිධ ප්‍රදේශවලට ගොස් මෙයාකාරයට රැහැන් කපා ඒවාහි තඹ සොයන පිරිසක් බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් සතුව තිබූ ත්‍රිරෝද රථ දෙකක් ඉණිමං හා උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබිණි.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ගුණසේකර යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ, පොලිස් සැරයන් සිල්වා (57833), රණසිංහ (47224), පොලිස් කොස්තාපල්වරුන් වන කුමාර (101313), හේරත් (57844), අංජන (103871) යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.

  • ගම්පොළ – සුරංග දිල්හාන්, හන්තාන – චමින්ද කුමාර, ගලහ – එස්. යෝගා

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි . . .

Fri Aug 4 , 2023
සමගි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව විපක්ෂනායකවරයා පවසන්නේ අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් විපක්ෂනායක සජිත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x