පොළොන්නරුව පොලිසිය විසින් පොළොන්නරුව ඉසිපතන මාවතේ, වකුගඩු රෝහල පිටුපස ඇති අවන්හල් භූමියක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමනාකාරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, එහිදී පුරාවස්තු සෙවීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක්, කැණීම් කිරීමට යොදාගත් උපකරණ තොගයක්, වතාවත් කිරීමට ගෙනා පූජා භාණ්ඩ සහ ඔවුන් […]

ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය ආයතන සහ කාර්යාල […]

මාතර කොටුව තුළ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් සිදුකළ කැණීමක් අතරතුර හමුවූ අස්ථි කොටස් සහ ද්‍රව්‍ය ලන්දේසි යුගයට අයත් බවට පුරාවිද්‍යා නිලධාරින් විසින් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත. එම ස්ථානයේ විදුලි රැහැන් කණුවක් සිටුවීමට වළක් හාරමින් සිටියදී මිනිස් අස්ථි කොටස් ,පෝසිලේන් ද්‍රව්‍ය, දුම්බටයක් හා මැටි භාණ්ඩ කිහිපයක් හමුවිය. අනතුරුව ඒවා මාතර […]

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය […]

ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පුරාවිද්‍යා පරීක්ෂක නිලධාරී තනුර දයානන්ද සඳහන් කරයි. දිගින් අඩි 50ක් පමණ සහ උසින් අඩි 09කින් පමණ යුතු මෙම ශිලා ලේඛනය ශ්‍රී ලංකාවේ දැනට හමු වී ඇති අති දුර්ලභ විශාලතම ශිලා ලේඛනය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ […]

ඵෙතිහාසික නීලගිරි සෑයේ සිදුකරන සංරක්ෂණ පාදාගැනීමේ කටයුතුවලදී මැටියෙන් නිමකල ඉපැරණි මංජුසාවක් හමුවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැරණි ගොවිපල වසමේ වනගත ප්‍රදේශයක මෙම සිද්ධස්ථානය පිහිටා ඇත. චෛත්‍ය ආශ්‍රිතව ගිලිහී යමින් තිබුණ ස්ථානයක තිබී හමුවූ මෙම මංජුසාව මෙයට පෙර හමුවූ පුරාවස්තු මෙන් එම […]

පොතුවිල් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන මුහුදු මහා විහාරයේ වසර 2200 කට වඩා පැරණි පුරාවස්තු අන්තවාදීන් විනාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් මුදලට සහ ඡන්දවලට යටවී නීතිය ක්‍රියාත්මක නොකර බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පැවසීය. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පුරාවස්තු සංහාරයට […]

ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් නියෝගයක් කර ඇතැයි විහාරාධිපති  අම්පිටියේ සීල වංශතිස්ස හිමියෝ පවසති. ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්වරයා ඒ බව ලිඛිතව  විහාරාධිපති  අම්පිටියේ ශීලවංශතිස්ස හිමියන් වෙත දැනුම් දි ඇතැයි විහාරාධිකාරි ත්‍රිකුණාමලයේ […]

ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. මේ යටතේ ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පැරණි බිතුසිතුවම් අඩංගු විහාරස්ථාන 874ක් වීඩියෝගත කර සහ ඡායාරූප රැගෙන දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු […]

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ත්‍රිකුණාමලය තටාකාංගණය පාරේ පිහිටි නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබු රුවල් නැවක සවිකර තිබු රුවලකට කිසියම් අයකු ගිණිතබා ඇතැයි ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කෞතුකාගාර බාර නිලධාරිනි බි.එච්.ඒ.රූපා නැමැති අය පොලිසියට පැමිණිල්ලක් කරමින් පවන්නේ කෞතුකාගාරයේ උඩුමහලේ තමන් සිටින විට පහල මාලයෙන් දුමක් පිටවිම නිසා බලද්දි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.