ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් . . .

ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පුරාවිද්‍යා පරීක්ෂක නිලධාරී තනුර දයානන්ද සඳහන් කරයි.

දිගින් අඩි 50ක් පමණ සහ උසින් අඩි 09කින් පමණ යුතු මෙම ශිලා ලේඛනය ශ්‍රී ලංකාවේ දැනට හමු වී ඇති අති දුර්ලභ විශාලතම ශිලා ලේඛනය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.ජී රත්නපාල දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවූ ලිපියක සඳහන්වේ.

ක්‍රිස්තු පූර්ව තුන සහ පළමු සියවස් අතර කාලයේ ලේඛනගත කරන්නට ඇති බවට සැකකරන මෙම සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් දැකගන්නට ඇති බවත්, මෙම විශාල විශාලතම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය වෙනස් කරන සෙල්ලිපියක් බවට සැකකරන බවද ඒ පිළිබඳ පර්යේෂණය කරන තනුර දයානන්ද සඳහන් කරයි.

සැප්තැම්බර් 26 වෙනිදා මෙම සෙල්ලිපිය පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර ඉකුත් නොවැම්බර් 18 වැනිදා එම පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත්, එහි සඳහන් අක්ෂර කියවීමේ කටයුතු තනිව සිදු නොකරන බවත් ඒ සඳහා තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඉතා ඉක්මනින් කියවා රටට මෙහි තොරතුරු හෙළිදරව් කරන බවද ඔහු සඳහන් කරයි.

මෙම අති දුර්ලභ විශාලතම සෙල් ලිපිය මාධ්‍ය මගින් හෙළි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එම සෙල්ලිපිය බැලීමට බොහෝ පිරිස් පැමිණෙන බවත් කෙසේ වෙතත් එය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා නොමැති අතර මෙම ස්ථානයට පූර්ණ ආරක්ෂාව යොදා පළමුවෙන්ම එම සෙල්ලිපිය ආරක්ෂා කරගත යුතු බවත් ඉන් අනතුරුව එම සෙල්ලිපිය නැරඹීමේ සඳහා එම ස්ථානයට ලඟාවීමට ගමන් මාර්ගයක් සහ පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කරති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12කුගෙන් පමණ යුත් කණ්ඩායමක් ඉතාකෙටි කාලයක් තුළ අධික වර්ෂාව මධ්‍යයේ එම විශාලතම සෙල්ලිපිය පිටපත් කිරීමට මැදිහත් වීම පිළිබඳව තමන් වහන්සේගේ විශේෂ ස්තුතිය සහ ප්‍රශංසාව පිරිනමන බවත් ඉතිරි වැඩකටයුතුද ඉතා කඩිනමින් අවසන් කිරීමට පුරාවිද්‍යා නිලධාරීන්ගේ සහාය උපකාරය අවශ්‍ය වන බවද රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කරති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් එම විශාලතම සෙල්ලිපියේ ලියැවී ඇත්තේ කුමක්ද සහ එහි ඉතිහාසය මෙන්ම සියලු තොරතුරු සති තුනක් තුළ රටට හෙළිදරව් කරන බවට තමාට පොරොන්දු වී ඇති බව රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කරති.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුහුදේ දියයට නිර්මාණය කරන ලද මූර්ති . . .

Mon Nov 20 , 2023
කෙන්ට් හි කලාකරුවෙකු කැරිබියානු මුහුදේ දිය යට මූර්ති ස්ථාපනයක් නිර්මාණය කර තිබෙනවා. මෙම නිර්මාණය Granada හි ප්‍රාදේශීය ප්‍රජාවේ සාමාජිකයින්ගේ ජීවමාන ප්‍රමාණයේ මූර්ති 25 කින් සමන්විත වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ . කැන්ටබරි හි මූර්ති ශිල්පී Jason deCaires Taylor විසින් මෙම කලා කෘතිය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ එය Coral […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x