අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පළඳවයි . . .

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය පිළිබඳ තොරතුරු රැස්කිරීමට පුදබිම වෙත පිටත්කර යවා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා ස්මාරකයක හෝ ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

එමෙන්ම ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්තේ වන්දනාවට පාත්‍රවන අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.

ඇතැම් පුද්ගලයින් ප්‍රතිමා වහන්සේ මතට නැඟී එම වස්ත්‍රය පළඳවන ආකාරය ද එහි දක්නට ලැබුණි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාසල් දරුවන්ට සපත්තු වවුචර් . . .

Mon Nov 27 , 2023
සපත්තු වවුචර් බෙදාදීම දෙසැම්බර් මස 4 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අද ( 27) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. වවුචර පත් බෙදාදීම ලබන 27 වැනිදා අවසන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x