වැඩ නැති දුම්රිය විදුලි සංදේශ පද්ධතිය . . .

දුම්රිය කාර්යක්ෂමතාව නංවාලීම සඳහා රුපියල් මිලියන 3,148 ක් වැයකර ස්ථාපනය කරන ලද නව විදුලි සංදේශ පද්ධතිය පූර්ණ වශයෙන් මෙතෙක් භාවිතයට ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක “දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ ව්‍යාපෘතිය“ මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිත වූවද, මේ දක්වා එහි ප්‍රගතිය සියයට 58 ක් පමණක් බව අනාවරණය කරගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් බිලියන 10.2 ක මුදලක් වැයකර තිබේ.

ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන දුම්රිය ප්‍රවේශ පත්‍ර සහ ආසන වෙන්කිරීමේ ක්‍රමය ස්ථාපනය කිරීමේ සංරචකය එහි කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය හේතුවෙන් වසර තුනක කාලයකට පසුව අත්හිටුවා ඇතැයිද අනාවරණය වේ.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගී මාර්ග පිරී ඉතිරේ . . .

Fri Apr 12 , 2024
අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම ඊයේ (11) දිනයේ 10% පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය පැවසීය. ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ. ඉන් මිලියන 44 ආදායමක් ලැබි ඇතිබව පැවසීය. අධිවේගී මාර්ග සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරීක්ෂා කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x