නෙත්මිකා ලක්මව රිදියෙන් සරසයි . . .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 21වැනි ආසියානු කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (24) ආරම්භ විය.

ආරම්භක දිනයේ පැවැති තුන්පිම්ම කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නෙත්මිකා මදුශානී හේරත් සමත් වූවාය.

මෙහි රන් පදක්කම -උස්බෙකිස්තාන ක්‍රීඩිකාව( 13.33m) විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම කොරියානු ක්‍රීඩිකාවක් (12.67m) විසින් දිනා ගනු ලැබීය.

මෙහිදී නෙත්මිකා මීටර් 13.01ක දක්ෂතාවක් දැක් වූ අතර, එය ඇගේ පුද්ගලික හොදම දක්ෂතාවද විය.

ඇය මොනරාගල, බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවකි.

වසර 38ක ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් 36 වැනි පදක්කම ලෙස මෙය ඉතිහාසයට එක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවද වන නෙත්මිකා අද (25) දුර පැනීමේ ඉසව්වට තරගවදියි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සන්නස්ගල අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරී . . .

Thu Apr 25 , 2024
හිටපු උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබේ. කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x