රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ වලින් සිදුකරන ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීම සහ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මුදල් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට නිර්දේශ කර තිබෙනවා. නමුත් රජය විසින් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ දැනට […]

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇත. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධූරය හැර වෙනත් ඇමති ධුරයක් දැරීමට නොහැකි වීම මීට හේතු වී තිබේ. දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමති ධූරය ද දරයි. අයවැය […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්. 7) අවසර ලබා දී තිබේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට, රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පිරිසට එරෙහිව […]

ඉන්ධන මාෆියාවට තිත තැබීමට තවමත් නොහැකි වී ඇත්තේ මෙම මාෆියාවට එදා මෙන්ම අදත් සම්බන්ධ ප්‍රභූ කුමාරවරු පැලැන්තියක් නිසා යයි සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සංවිධානයක හසිත් ගුණසේකර පැවසීය. වත්මන් ජනාධිපතිවරයා යටතේ සිටින පෙර හොරුන්ට පාසැල් වල කන්න නැතිව ඇද වැටෙන දරුවන් ගැන හැඟීමක් නැති බවද පැවසූ ඔහු මන්දපෝෂණයෙන් වැඩිම පිරිසක් […]

ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න ප්‍රමාණයක සහායක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බවත් තවදුරටත් නව මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බවත් රොයිටර් පුවත් සේවය වාර් තා කළේය. ආනයන සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සහාය වූ රට ඉන්දියාව […]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (01 දා) පැවසීය. අගමැතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ද්විපාර්ශවික නිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.