මුදල් නොමැති ගිණුමකින් චෙක්පතක් ලබාදී රුපියල් ලක්ෂ අසූවක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියම කළේය. වාහනයක් සම්බන්ධ ගනුදෙනුවකදී රුපියල් මිලියන අටක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහි චෝදනා ගොනුකර ඇති ආකාරය අනුව නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට කරුණු අනාවරණය […]

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණි. ඒ ඇයට පසුගිය දා ඇයට ලබාදුන් ඇප කොන්දේසි සඳහා අත්සන් ලබාදීමටය. අදාළ කටයුත්ත අවසන් කිරීමෙන් අනතුරුව ඇයව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසීය.

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබේ. එසේම තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

රුපියල් බිලියන ගාණක මුල්‍ය වංචා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ සැමියා බව කියන ඉසුරු බණ්ඩාර සඳහා වැලිකඩ බන්ධනාගාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගොස් ඇතැයි නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක සඳහන් කරයි. ඒ බව තහවුරු කිරීම සඳහා තමන් ළඟ සාක්ෂි ඇති බව ද හෙතෙම කියා සිටියි. ඔවුන් බන්ධනාගාරයෙන් නියෝජ්‍ය […]

මුදල් වංචාවක් සම්බන්ධව පරීක්‍ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලිගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව ප්‍රකාශ කරමින් ඇයගේ නීතිඥවරුන් කණ්ඩායමක් විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබේ. 2022.11.08 දින සිදුකරන ලද මෙම පැමිණිල්ල මගින් නීතිඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලිකරුවන් සමඟ වංක […]

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා විරරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. ඇයගෙන් පැය 5 කට ආසන්න කාලයක් මෙසේ ප්‍රශ්න කර ඇති බව රහස් පොලිසියේ ආරංචි […]

ප්‍රියමාලි වගේම සහන් හැංගුණේ කාකි සූට් අස්සේමද? – පොලිස් ලොක්කන්, චිත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරුන් කලාකරුවන් වෙනුවෙන් සුපිරි ප්‍රිය සාද – ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක සභාපතිවරයා, අධ්‍යක්‍ෂවරයා ලෙස පෙනී සිටිමින් සිදු කළ මහා පරිමාණ වංචාවක් – ආකර්ෂණීය පොලියක් ලබා දෙමින් ගනුදෙනුකරුවන් මුළා කරලා – පැරණි සී 90 යතුරු පැදියක් වෙනුවට පියාට බෙන්ස් මෝටර් රථයක් – සමාජ සත්කාරවලටත් අත දිග හැර වියදම් කරලා… මහා පරිමාණ මුදල් […]

ක්‍රිෂ් සමුහ ව්‍යාපාරය විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බිලියන ගණනක මුල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

රුපියල් බිලියන ගණනක මහා පරිමාණ මුදල් වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව සමඟ ගනුදෙනු කළ බවට චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනියන්, නිවේදිකාවන් සහ මෝස්තර නිරූපිකාවන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට කටයුතු කරමින් සිටියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කටයුතු සිදුකරමින් සිටින්නේ අධිකරනයෙන් ලද අවසරයක් […]

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලිට දීර්ඝ කාලයක් කෝටි ගණනක මුදල් වංචා කිරීමට පහසුකම් සලසන ලදැයි කියන පෞද්ගලික බැංකු මූල්‍ය ආයතන සහ උකස් ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයින්, නළු නිළියන් මෙන්ම භික්ෂුන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් තිළිණි ප්‍රියමාලිට රුපියල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.