මෙරට භාවිතා වන ලියාපදිංචි කරන ලද මෝටර් රථ නැවත අලෙවි කිරීමේදී ද බදු අය කිරීමේ අවධානමක් ඇතැයි ලංකා වාහන ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි. රජය විසින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත මෙම තත්ත්වය උදාවී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. මේ පිළිබඳව වාහන අලෙවි කරන පුද්ගලයන් දැඩි අවධානයක් පසුවිය […]

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද (15) දිනයේ ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් රටතුළ සේවාවන් රැසක් සහ පාසල් සම්පූර්ණයෙන්ම අඩපණ විය. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන […]

අද (09) සිට, රජය හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබේ. එනම් මෙහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය […]

අද වන විට රජයට ලැබෙන ආදායම රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප් ගෙවීමටත් සමාජ සුභසාධනය පවත්වාගෙන යාමටත් ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කරයි. මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා කියා සිටියේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා එළඹෙන පළවෙනිදා සිට නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවය.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.