නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. පේදුරුතුඩුව සහ කන්කසන්තුරේ මුහුදු සීමාවේදී ඊයේ (09) රාත්‍රී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරේ […]

යාපනය, වඩමාරච්චි, කට්ටකාඩු මුහුදේ පාවෙමින් තිබූ අද්භූත වස්තුව නාවික හමුදාව විසින් පළාතේ ධීවරයින්ගේද සහය ඇතිව ඊයේ (24) ගොඩබිමට රැගෙන විත් ඇත. එහිදී යකඩෙන් තනන ලද එම වස්තුව කිලෝ ග්‍රෑම් 4000කට වඩා බරින් යුක්න වේ. එය ගොඩගැනීමට යාපනය, වෙත්තිලකේණී නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට බැකෝ යන්ත්‍රයක් හා ට්‍රැක්ටරයක්ද යෙදවීමට සිදුවී ඇත. නාවික […]

ගාල්ල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ සැකකරුවන් 6 දෙනෙකු සමග එම යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බවයි. එම යාත්‍රාවේ තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කරමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය […]

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් කෝටි 15 කට ආසන්න වටිනා මත් පෙති 5,70,000 කල්පිටිය විජය නාවික හමුදා නිළධාරීන්  කල්පිටිය ඉරණතිව් දූපතට ආසන්නයෙ  අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාය පවසයි. අදාල මත්පෙති තොගය ඩිංගි යාත්‍රාවකින් කල්පිටිය ඉරණතිව් දූපත ආසන්නයට රැගෙන එමින් තිබියදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් අතර තුර […]

නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස අවට පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවීමත් සමග නාවික හමුදාව පාසල් දරුවන්ට අවශ්‍ය ගමනා ගමන පහසුකම් සලසාදීමට කටයුතු කළේය. පසල් දෙවන වාර විභාගයට මුහුණදුන් සිදු දරුවන් පිරිසක් යාන්ත්‍රික අඟුලකින් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයේ ජලයෙන් යටවූ කිලෝමීටරයකට ආසන්න දුරක් රැගෙන ගොස් එතෙර කිරීමට කටයුතු […]

රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් යාපනය කරෙයිනගර් දූපතේ පූමට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 33 කට අධික බව ද නාවික හමුදාව කීය. උතුරු නාවික විධානයට […]

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර මගින් සංචාරකයින් උදෙසා පවත්වාගෙන යනු ලබන යාත්‍රා සේවයට අයත් යාත්‍රා නැංගුරම් දමනු ලබන ජැටියේ කොටසක් අද සවස පාසැල් දැරියන් 14ක් සමග කඩා වැටී තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්ගමුවේ සිරිසඟබෝ පාසලේ දැරියන් පිරිසකි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය පවසන්නේ තුවාළ ලැබූ පාසැල් දැරියන් සුළු […]

ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඊයේ (19) දිනයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ වූ බවයි. ඒ, අනුව දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම අවස්ථාව උදාකර […]

යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි හතරකට අධික වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 128  කට අධික තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික  ස්ථානගතකිරීමට අයත් මාමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින් කුඩා යාත්‍රා යොදවා, මාමුනෙයි ඉදිරි මුහුදු ප්‍රදේශයේ අද කල මෙම විශේෂ […]

යාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මගී යාත්‍රාවක් මුහුදෙන් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසුව නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා මගින් අනතුරට පත් යාත්‍රාවේ මගීන් බෙරාගෙන ඇත. නෙඩුන්තීවු සිට සමුද්‍රෙද්වි නැමති මගී යාත්‍රාව ඊයේ දින කූරිකඩ්ඩුවාන් සඳහා පිටත්ව ඇති අතර අතරමැද මුහුදු සීමාවේදී  අදාල මගී යාත්‍රාවේ සුක්කානම අක්‍රීය වී ධාවනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.