කෝටි 3 ක කේරළ ගංජා කරෙයිනගර් දූපතෙන් අල්ලයි . . .

රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් යාපනය කරෙයිනගර් දූපතේ පූමට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 33 කට අධික බව ද නාවික හමුදාව කීය.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය රාත්‍රී කාලයේ යාපනය කරෙයිනගර් දූපතේ, පූම්මාටෙයි වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කළ බවත් එම ඩිංගි යාත්‍රාවේ උර තුනක් තුළ පාර්සල් 49 ක කේරළ ගංජා කිලෝ 100 යි ග්‍රෑම් 85 ක පමණ තොගය සමඟ එම ඩිංගි යාත්‍රාව භාරයට ගත් බවත් නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රීමත් මයිකල් ගැම්බන් ජීවිතක්ෂයට . . .

Sat Sep 30 , 2023
ලෝක ප්‍රකට හැරී පොටර් කතා මාලාවේ චිත්‍රපට 6ක ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 82 හැවිරිදි වියේ පසුව විය. මයිකල් ජෝන් ගැම්බන් 1940 වසරේ ඔක්තෝබර් 19 වන දින ඩබ්ලින්හිදී උපත ලැබී ය. ඔහුගේ පියා ඉන්ජිනේරුවෙකු වූ අතර මව මැහුම් ශිල්පිනියක වූවා ය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x