පාකිස්තානයේ ප්‍රජානත්ත්‍රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යොදන්නැයි පාකිස්තාන ෆෙඩරල් රජයට බල කරමින්, පාකිස්තාන ජනතා පක්ෂය නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.  මේ වනවිට පාකිස්තානයේ බලයේ සිටින්නේ සන්ධාන රජයකි. එම සන්ධානය පවතින්නේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ පාකිස්තාන […]

රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ආර්ථික අර්බුදය හේතුවෙන්, අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින්, විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා […]

ලොකු ළූණු ආනයනය සඳහා රජය වහා මැදිහත්වී ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් පාරිභෝගිකයන්ට ලොකු ළූණු කිලෝවක් රුපියල් 1,000ක් වැනි ඉහළ මිලකට ගැනීමට නොබෝ දිනකින් ම සිදුවනු ඇතැයි කොළඹ ලොකු ලූනු ආනයනකරුවෝ පවසති. තොග වෙළෙඳපොළේ ලොකු ළූණු කිලෝවක රුපියල් 580-600ක් දක්වා ඊයේ (මාර්තු 10) දින වන විට මිල ඉහළ යාමක් වාර්තා වූ […]

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ. 2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටී. එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, එම චෝදනා දේශපාලන කරුණු මත එල්ල කර ඇති බවය. aruna

පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වයේ ප්‍රධානියා වන නවාස් ශෙරීෆ් සිව්වැනි වරටත් අගමැතිවරයා ලෙස පත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බවත්, ආර්ථික අර්බුදයට ලක් වී ඇති පාකිස්තානය ගොඩගැනීමට තම පක්ෂයට වරක් ප්‍රමාණවත් බවත් බිල්වාල් භූතෝ ලබන මස 8 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය වෙනුවෙන් පැවැති රැලියකදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. පාකිස්තානයේ හිටපු […]

පාකිස්තානයේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉන්ෆ්ලුවෙන්සා ‘එච්.3එන්.2’ ප්‍රභේදය බවය. සෙසු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදවලට වඩා එච්.3එන්.2 ප්‍රභේදය බිහිසුණු බවත්, ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට එය මාරක විය හැකි බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. එන්.ඩී.ටීවී

පාකිස්තානයේ එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නාමයෝජනාව එරට මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැනට බන්ධනාගාරගත වී සිටින ඉම්රාන් ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීම සඳහා පසුගියදා සිය නීතිඥවරයා මාර්ගයෙන් නාමයෝජනා භාර දී ඇති අතර, […]

ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොඟ ගබඩාවක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය ආදී […]

පාකිස්තානයේ ලාහෝර් නුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට නගර බලධාරීන් සහ කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබේ. පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන්, එරට කෘත්‍රිම වැසි නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ලාහෝර් නගරයේ වාතය දරුණු ලෙස දූෂණයට ලක් වී ඇත. ඒ, නගර වැසියන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙමිනි. වළාකුළුවලට රසායනික ද්‍රව්‍ය […]

2025 වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමත් සමගයි. ඒ අනුව ශූරයන්ගේ කුසලානය සඳහා සහභාගී වන රටවල් වන්නේ සත්කාරක පාකිස්තානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, එංගලන්තය හා බංග්ලාදේශයයි. මෙම තරගාවලිය පාකිස්තානය දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.