ලොකු ළූණු 700ට නගී . . .

ලොකු ළූණු ආනයනය සඳහා රජය වහා මැදිහත්වී ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් පාරිභෝගිකයන්ට ලොකු ළූණු කිලෝවක් රුපියල් 1,000ක් වැනි ඉහළ මිලකට ගැනීමට නොබෝ දිනකින් ම සිදුවනු ඇතැයි කොළඹ ලොකු ලූනු ආනයනකරුවෝ පවසති.

තොග වෙළෙඳපොළේ ලොකු ළූණු කිලෝවක රුපියල් 580-600ක් දක්වා ඊයේ (මාර්තු 10) දින වන විට මිල ඉහළ යාමක් වාර්තා වූ අතර සිල්ලර මිල රුපියල් 700ක් විය.

ඉදිරි දින දෙකක් හෝ උපරිම දින තුනක් සඳහා පමණක් ආනයනික ලොකු ලූනු තොග තිබෙන බවත් ඊට හේතුව පාකිස්තානය සිය අපනයන සීමා දැඩි කිරීම හේතුවෙන් ලූනු ආනයනය ඇනහිටීම බවත් කොළඹ ලොකු ළූණු ආනයනකරුවෝ ඊයේ (මාර්තු 10) ‘මව්බිම’ට පැවසූහ.

ඉන්දියාව සිය අපනයන සීමා පනවා මාස කිහිපයක් ගතවී ඇති අතර ඊට විකල්පයක් ලෙස පකිස්ථානයෙන් ළූණු ආනයනය සිදු කළ බවත් මේ වන විට එරට ළූණු තොග ද අවසන්වීමෙන් අපනයන සීමා තර කර ඇතැයි ඔවුහු පවසති.

මසකට මෙට්‍රික් ටොන් 50,000ක් වශයෙන් සීමිත වශයෙන් බංග්ලාදේශයට සහ ඩුබායි සඳහා ඉන්දියාව අපනයන කරන බවත් එය රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් මත සිදුවන්නක් බවත් තොග වෙළෙන්‍දෝ පැවසූහ.

ශ්‍රී ලංකා රජයට ද එසේ මැදිහත්වී ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ හැකි බවත් තමන් ඒ සඳහා රජයෙන් කිහිපවිටක්ම ලිපි මගින් ඉල්ලා සිටිය බවත් කොළඹ ලොකු ළූණු ආනයනකරුවෝ වැඩිදුරටත් පැවසූහ.

  • Irosha Deepani
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලන්කන් සඳහා මාස 6ක් කල් දෙයි . . .

Mon Mar 11 , 2024
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06ක කාලය තුළදී පෙන්විය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් එහි පාලනාධිකාරියට සහ වෘත්තීය සමිති වෙත දැනුම්දී තිබේ. අද (11) පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. එසේ නොවුණහොත් 6000ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x