ලොකු ළූණු ආනයනය සඳහා රජය වහා මැදිහත්වී ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් පාරිභෝගිකයන්ට ලොකු ළූණු කිලෝවක් රුපියල් 1,000ක් වැනි ඉහළ මිලකට ගැනීමට නොබෝ දිනකින් ම සිදුවනු ඇතැයි කොළඹ ලොකු ලූනු ආනයනකරුවෝ පවසති. තොග වෙළෙඳපොළේ ලොකු ළූණු කිලෝවක රුපියල් 580-600ක් දක්වා ඊයේ (මාර්තු 10) දින වන විට මිල ඉහළ යාමක් වාර්තා වූ […]

වෙළඳපොලේ ලොකු ළූණු මිල යළි ඉහළ ගොස් තිබේ. වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ ඊට හේතුව පකිස්ථානයෙන් ආනයනය කරන ළූණු මිල ඉහළ දැමීම බවයි. පසුගිය සතියේ පිටකොටුව තොග වෙළඳපොලේ රුපියල් 330ක පමණ අගයකින් පැවති ලොකු ළූණු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 400 කට ආසන්න වී තිබේ. දඹුල්ල සහ මීගොඩ විශේෂිත […]

ඉන්දියාවෙන් ලොකු ළූණු මෙරටට ගෙන්වීම තහනම් කිරීමත් සමඟින් පාකිස්ථානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ළූණු තොග එවීම ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා. ලොකු ළූණු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් රුපියල් 600 දක්වා ඉහළ ගිය ලොකු ළූණු කිලෝවක මිල අද (31) වන විට රුපියල් 300ත් 350ත් […]

ඉන්දියාවේ ලොකු ළූණු ආනයනය කිරීම අත්හිටුවන බවට පුවතක් පළවීමත් සමග දේශීය ගබඩාවල විදේශ රටවලින් ගෙන්වා ගබඩා කර තිබූ ලොකු ළූණු කිලෝව රුපියල් 250ක් හා 300ත් අතර ඉහළ දමා අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳව වහා රජය මැදිහත්ව සොයා බලන්නැයි දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග වෙළෙන්දෝ ඉල්ලා සිටිති. ඉන්දියාවේ ලොකු ළූණු වෙනත් රටවලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.