ලොකු ළුෑණු මිල යළි සීඝ්‍රයෙන් පහළ බසී . . .

ඉන්දියාවෙන් ලොකු ළූණු මෙරටට ගෙන්වීම තහනම් කිරීමත් සමඟින් පාකිස්ථානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ළූණු තොග එවීම ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

ලොකු ළූණු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් රුපියල් 600 දක්වා ඉහළ ගිය ලොකු ළූණු කිලෝවක මිල අද (31) වන විට රුපියල් 300ත් 350ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවයි.

පසුගිය කාලයේ ඉන්දියාවෙන් වෙනත් රටවලට තම නිෂ්පාදන යැවීම තහනම් කිරීමට පියවර ගැනුණා.

ඒ සමගම මෙරටට ගෙනැවිත් තිබූ ලොකු ළූණු තොග කිලෝව රුපියල් 500ක් 600ත් අතර ඉහළ මිලකට වෙළඳුන් ඉතා කූඨ ආකාරයෙන් අලෙවි කිරීමේ ජාවාරමක ද නිරත විය.

මෙම ජාවාරම පිළිබඳ දිගින් දිගටම මාධ්‍ය මගින් පෙන්වාදීමත් සමඟ ලොකු ළූණු තොග අලෙවි කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඒවා කුණු වී විනාශ කරන්නට ද සිදුවීම ද විශේෂත්වයක්.

මේ වන විට පාකිස්ථානය, තුර්කිය සහ ඉරානය ඇතුළු රටවල් කීපයකින් විශාල වශයෙන් ලොකු ළූණු තොග මෙරටට ගෙන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාකිස්ථානය ලංකාවේ ඉහළ ගිය ලොකු ළූණු මිල පහත දැමූ බව, දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග අලෙවි කරන ව්‍යාපාරිකයන් කියා සිටියි.

පාකිස්තානයෙන් සහ තුර්කියෙන් ඉරානයෙන් ගෙන්වා ඇති ලොකු ළූණු කිලෝව වෙළඳසැල්වල රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කරන අතර ඇතැම් වෙළඳුන් එම ළූණුම රුපියල් 400කට අලෙවි කිරීමට උත්සහ කරන බව ද වාර්තා වේ.

ආනයනික ලොකු ළූණු රැගත් තවත් කන්ටේනර් රැසක් වරායේ ඇති අතර එම ළූණු තොග වෙළඳපළට ලැබීමත් සමඟ තවදුරටත් මිල පහත යනු ඇති බව තොග වෙළඳුන් පෙන්වා දෙනවා.

ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ, අලූත් අවුරුදු සමය වන විට ඉන්දියාව ළූණු අපනයන තහනම ඉවත්කරන අතර එවිට දේශීය පාරිභෝගික ජනතාවට අඩු මුදලකට ළූණු මිලදී ගැනීමට හැකි වනු ඇති බවයි.

ලොකු ළූණු තැරැව්කරුවන් අලෙවි කරන වෙළෙඳුන්ට දුරකථන ඇමතුම් ලබාදී අඩු මුදලට අලෙවි නොකර කිලෝව රුපියල් 400න් ඉහළ තබා ගන්නා ලෙස උපදෙස් ලබා දෙන බව ද වෙළඳුන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් පාරිභෝගික ජනතාවට සහන ලබා දීම සඳහා දඹුල්ලේ ළූණු අලෙවි කරනු ලබන බොහෝ දෙනා රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කිරීම සිදුකරන බවයි ව්‍යාපාරිකයන් වැඩිදුරටත් සඳහන් කළේ.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුරකථන ගාස්තු ඉහළට . . .

Sun Dec 31 , 2023
වැට් බැද්ද ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට (1)  සිට සියයට 42 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි. ඒ අනුව දේශීය ඇමතුම්, කෙටි පණිවිඩ, අමතර සේවා සඳහා වන මුළු බදු අගය සියයට 42.02 ක් වන බවත් ඩේටා සහ විදේශ ඇමතුම් සඳහා මුළු බදු අගය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x