දුරකථන ගාස්තු ඉහළට . . .

වැට් බැද්ද ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට (1)  සිට සියයට 42 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි.

ඒ අනුව දේශීය ඇමතුම්, කෙටි පණිවිඩ, අමතර සේවා සඳහා වන මුළු බදු අගය සියයට 42.02 ක් වන බවත් ඩේටා සහ විදේශ ඇමතුම් සඳහා මුළු බදු අගය සියයට 23.50 ක් වන බවත් එම සමාගම් සඳහන් කරයි.

පෙරගෙවුම් ඩේටා කාඩ්පත් කිහිපයක ඩේටා ප්‍රමාණය අඩුකර ඇති අතර, ඒවායේ බදු ඇතුළත් මිල නොවෙනස්ව පවතින බවද ඇතැම් දුරකථන සමාගම් වැඩිදුරටත් කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් මැතිවරණ මෙහෙයුම අරඹයි . . .

Sun Dec 31 , 2023
2024 වසරේදී පැවැත්වෙන ජාතික මැතිවරණ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය මාධ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. එය අනුව ඊට අදාළ වන මූලික සාකච්ඡා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකරුන්, මාධ්‍ය අංශ ප‍්‍රධානීන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එහිදී මාධ්‍ය ප්‍රචාරක කටයුතු ඵලදායි ලෙස යොදා ගනු ලබන ආකාරය පිළිබඳව සාකච්ඡා වී ඇත. සමාජ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x