තලපති විජෙ ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා බවයි සඳහන් වූයේ. ඒ අනුව වෙන්කට් ප්‍රභූ අධ්‍යක්ෂණය කරනු ලබන මෙම අලුත් චිත්‍රපටය නම් කර ඇත්තේ Thalapathy 68 ලෙස බවටයි වාර්තා වූයේ. මේ සඳහා රංගනයෙන් Yogi Babu, Prashan, Mohan, Prabhu Deva, Jayaram, Ganesh, Ajmal Ameer, Vaibhav, Premjee, […]

7kg 105g ක බරකින් යුත් දරුවෙකුගේ උපතක් පිළිබඳව චිලී රාජ්‍යයෙන් වාර්තා වෙනවා. එලෙස උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙක් වන අතර අලුත උපන් බිලිඳා Curanilahueහි රෝහලකින් Concepcion හි සෞඛ්‍ය ආයතනයකට මාරුකර තිබෙනවා. මේ වනවිට මව සහ දරුවා දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Wayomi

ලංකාවේ ජනතාවට විවිධ ‘උණ’ වර්ග තිබේ. ඉන් මූලිකම ‘උණ’ වන්නේ වාහන උණ නොහොත් ‘රථ’ ගායයි. එය ජීවිත කාලය පුරා තුන්සිය හැටපස් දවස් පුරා පැවතෙන එකකි. මුල්වරට වාහනයක් ගත්තත් ඊළඟට ඇවිත් ඇති ‘වාහන’ මොඩලය ගන්නා තුරු හා ක්‍රමයෙන් අලුත් කරන තුරු ජීවිත කාලය පුරා මේ උණ පවතී. එහෙත් වර්ෂයක් අවසාන වන […]

ජනවාරි 01 වැනිදා සිට යාල වනෝද්‍යානයට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ පුහුණු සහ සහතිකලත් සෆාරි ජීප් රථ රියදුරන්ට පමණක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. සංචාරකයන්ගේ ආරක්ෂාව, සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය මෙන්ම වන සතුන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගෙන මේ තීරණය ගෙන තිබේ. යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම […]

දිනමිණ, දිවයින, රිවිර, සිළුමිණ ඇතුළු පුවත්පත් ගණනාවක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී නන්දසේන සූරියආරච්චි ඉකුත් 27 වැනි බදාදා අභාවප්‍රාප්ත විය. මියයන විට 78 වැනි වියෙහි  පසු වූ හෙතෙම ග්‍රන්ථ 55 ක කතුවරයෙකි. 1945 වසරේ මාර්තු 27 දින දකුණු පළාතේ බද්දේගම, උනන්විටියේදී උපන් ඔහු වැලිවිටිය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක […]

මේ දිනවල ලැබුණු වර්ෂාපතනයත් සමඟ මහා ජලාශ ඉතිරී යමින් තිබේ. ඒ අතර මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය ද පවතී. මෙම ජලාශ ද්විත්වය ගොඩනැඟීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ මැදිහත්වීමක් කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ “දහසක් අභියෝග මැද ලංකා ඉතිහාසයේ විශ්මිත […]

සැලසිනේ ආයතනයේ සභාපති අභාවප්‍රාප්ත හරිත් ගුණවර්ධන මහතාගේ අවමංගල්‍ය කටයුතු පන්නිපිටිය, ඇරැව්වල පොදු සුසාන භූමියේ දී ඊයේ (30) පස්වරුවේ සිදු කෙරුණි. 55වැනි වියෙහි පසු වූ ඒ මහතා පසුගියදා අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයක් හේතුවෙනි. හරිත් ගුණවර්ධන මහතා සැලසිනේ ආයතනයේ සභාපතිවරයා ලෙස මෙන්ම ප්‍රවීණ දැන්වීම් නිර්මාණ ශිල්පියෙකු ලෙසද ප්‍රකට තීරු ලිපි රචකයකු හා පිටපත් […]

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි නිදහස් දිනය නිමිත්තෙන් එරට බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 කට සමාව ලබා දී ඇත.එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී තිබේ. ශ්‍රී ලාංකිකයන් 44 දෙනකුට සමාව ලබා දීම තුලින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් […]

එළඹෙන 2024 වසර තුළ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන් නිවාස 6,500 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකෙරෙන්නේ කොළඹ නගරයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා බවයි. නිවාස ව්‍යාපෘති 11 ක් මේ සඳහා සැලසුම් කර […]

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘පක්ෂ නායක’ ලෙස නව තනතුරක් බිහිකර ඊට පත් කිරීමට සූදානමක් පවතී. පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ තමනට පක්ෂයේ සභාපති ධුරය ලබා දෙන්නැයි හිටපු ජනාධිපතිනිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඒ අනුව අඩු බලතල සහිත නව තනතුරක් ‘පක්ෂ නායක’ ලෙස ස්ථාපිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.