ලොකු ළූණු වෙළෙඳපොළේ ලොකු මාෆියාවක් . . .

ඉන්දියාවේ ලොකු ළූණු ආනයනය කිරීම අත්හිටුවන බවට පුවතක් පළවීමත් සමග දේශීය ගබඩාවල විදේශ රටවලින් ගෙන්වා ගබඩා කර තිබූ ලොකු ළූණු කිලෝව රුපියල් 250ක් හා 300ත් අතර ඉහළ දමා අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳව වහා රජය මැදිහත්ව සොයා බලන්නැයි දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග වෙළෙන්දෝ ඉල්ලා සිටිති.

ඉන්දියාවේ ලොකු ළූණු වෙනත් රටවලට යැවීම තහනම් කිරීමත් සමග රුපියල් 190ත් 230ත් දක්වා ලොකු ළූණු කිලෝව අලෙවි වූ බවත් එක වර ම 12 දිනඋදෑසන වනවිට ලොකු ළූණු කිලෝව රුපියල් 450ක් 500 අතර ඉහළ මිලකට ආනයනකරුවන් අලෙවි කිරීම නිසා ජනතාව හා ව්‍යාපාරිකයන් අසරණ තත්ත්වයට පත්ව සිටින බව ඔවුහු පවසති.

මෙම ලොකු ළූණු අලෙවිය මිල ඉහළ දැමීම පිටුපස “ළූණු මාෆියාවක” ජාවාරමක් ක්‍රියාත්මක වන බව පෙන්වාදෙන වෙළෙඳ ප්‍රජාව කියා සිටියේ, මේ දිනවල ලොකු ළූණුත් එක ගෙඩියක් හෝ ආනයනය කිරීමකින් තොරව ගබඩා කර තිබූ ලොකු ළූණුවලින් අධික ලාභයක් මෙම කණ්ඩායම ලබා ගැනීම සිදුකරන බව ය.

උත්සව සමය ආරම්භ වීමත් සමග මෙම ජාවාරම සිදු කරන බව පෙන්වා දෙන වෙළෙඳ ප්‍රජාව කියා සිටියේ, රජය වහාම මැදිහත්ව වෙනත් රටවලින් හෝ අඩු මුදලට ජනතාවට අවශ්‍ය ලොකු ළූණු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැපයීම සිදුකළ යුතු බවත් ඉතාමත් සංවිධානාත්මකව දේශීය ලොකු ළූණු වගාව විනාශ කිරීම තුළින් මේ තත්ත්වය වඩා පැහැදිලිව ක්‍රියාත්මක වන බව ත් ය. එමෙන් ම ඔවුන් කියා සිටියේ වෙනත් වසරවල දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු වනතුරු දේශීය ලොකු ළූණු වෙළෙඳපොළේ පවතින බවය.

එහෙත් මෙවර දේශීය ගොවීන් ලොකු ළූණු වගාවෙන් ඉවත්වීම නිසා විදේශීය රටවලට විශාල වශයෙන් ඩොලර් යවා අතරමැදි කණ්ඩායමක් ළූණු මාෆියාවක නිරතව සිටින බව ද ඔවුහු චෝදනා කරන්නට වූහ.

ලොකු ළූණු මිල පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී ළූණු මිල දී ගැනීමට පැමිණ සිටි වෙළෙන්දන් තරමක් අපහසුතාවකට පත්ව ඔවුන් කියා සිටියේ මීට දින කිහිපයකට ඉහතදී මිල දී ගෙන ගිය ලොකු ළූණු මෙදින එද්දී එක වර ම විශාල මුදලකින් ඉහළ දමා තිබීම කනගාටුවට කරුණක් බව ය.

ළූණු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන් තොග වෙළෙන්දන්ගෙන් මීට පෙර ගෙන්වූ ලොකු ළූණු නිසා අඩු මුදලට ලබාදීමට හැකි දැයි විමසන්නට විය. එහිදී ව්‍යාපාරිකයන් එම වෙළෙන්දන්ට උරණව කියා සිටියේ මීට පෙර විශාල වශයෙන් ලොකු ළූණු ආනයනකරුවන් විඳි පාඩුව අවම කර ගැනීමට මෙය අවස්ථාවක් බව ය.

කෙසේ වෙතත් මේ වනවිට දඹුල්ලේ ලොකු ළූණු තොග අලෙවි කරන වෙළෙඳසල්වලින් විදේශීය ලොකු ළූණු කිලෝවක තොග මිල රුපියල් 400 සිට 500 දක්වා පවතී. කඩිනමින් මෙම මාෆියාව නැති කිරීම සඳහා රජය මැදිහත්වීමක් නොගන්නේ නම් තවත් දින කිහිපයකින් ලොකු ළූණු මිල ඉහළ යාම කිසිසේත් නතර කර ගැනීමට හැකියාවක් නැති බව ද ව්‍යාපාරිකයෝ අනතුරු අඟවති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික දැරියකට අතවර කරලා . . .

Wed Dec 13 , 2023
සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ ගමන්ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතවරයකට ලක්වී තිබේ. ඒ අනුව සිද්ධියට සම්බන්ධ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන්යානා කාර්යමණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී ඇත. අද (13) උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x