බිල්වාල් භූතෝ පාකිස්තානයේ අගමැතිධුරය ඉල්ලයි . . .

පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වයේ ප්‍රධානියා වන නවාස් ශෙරීෆ් සිව්වැනි වරටත් අගමැතිවරයා ලෙස පත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බවත්, ආර්ථික අර්බුදයට ලක් වී ඇති පාකිස්තානය ගොඩගැනීමට තම පක්ෂයට වරක් ප්‍රමාණවත් බවත් බිල්වාල් භූතෝ ලබන මස 8 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය වෙනුවෙන් පැවැති රැලියකදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විශ්වාසභංග යෝජනාවකින් නෙරපා දමා පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වය සමඟ සභාග රජයක් ගොඩ නැඟීමෙන් පසු තමා මුළාවට පත් වූ බවත්, නැවත නවාස් පාර්ශ්වය සමඟ සභාග රජයකට නොයන බවත් පාකිස්තාන මහජන පක්ෂයේ නායක බිල්වාල් භූතෝ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වතාවක් රැවටීමට හසුවූ තමා නැවත එසේ රැවටීමකට හසු නොවන බවත් බිල්වාල් භූතෝ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ශෙබාස් ශෙරීෆ්ගේ අගමැති ධුරයෙන් යුතු සභාග රජයේ විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ බිල්වාල් භූතෝ පාකිස්තාන මහමැතිවරණයේදී සිය පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටී.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නව සන්ධානය එළි දකී . . .

Sun Jan 28 , 2024
“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී ඇරඹෙයි. ඊයේ (27) පස්වරු 3.00 ට ඇරඹි නව සන්ධාන මංගල ජන රැළියට  විශාල ජනකායක් සහභාගී වී තිබේ. ජනරැළි භූමීය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් මේ වන විට පිරී ගොස් තිබේ. නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x