නව සන්ධානය එළි දකී . . .

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී ඇරඹෙයි.

ඊයේ (27) පස්වරු 3.00 ට ඇරඹි නව සන්ධාන මංගල ජන රැළියට  විශාල ජනකායක් සහභාගී වී තිබේ. ජනරැළි භූමීය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් මේ වන විට පිරී ගොස් තිබේ.

නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක නලින් ප්‍රනාන්දු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, මීගමුව හිටපු නගරාධිපති දයාන් ලාන්සා, සුගීෂ්වර බණ්ඩාර, අසංක ශ්‍රීනාත්  ඇතුළුව පළාත් සභා, පළාත් පාලන නියෝජිතයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියි.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු ආධාරකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළට . . .

Sun Jan 28 , 2024
දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) චන්ද්‍රසේන බණ්ඩාර පැවසීය. පාර්සලයක් වෙනුවෙන් මීට පෙර අය කළ අවම ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 150 දක්වා ඉහළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x