ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිව සිටිය දී ලේඛිකාවක වන ඊ ජීන් කැරොල්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3 ක (පවුම් මිලියන 65 ක්) වන්දියක් ගෙවීමට අමෙරිකා අධිකරණය නියෝග කර තිබේ. මේ පිළිබඳ නඩු විභාගයේදී නිව්යෝර්ක් ජූරි සභාව පැවසුවේ චිත්තවේග හා කීර්ති නාමයට හානි කිරීම සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 18.3 ක් හා […]

ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය ආයතන සහ කාර්යාල […]

මෙරට කාන්තා හිංසනය තුරන් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. අමාත්‍යවරයා පැවසුවේ 109 දුරකථන අංකයට අමතා පැමිණිලි කරන ලෙසයි. එම පැමිණිල්ල ලෑබී පැය 48ක් ඇතුළත එය විසදීමට කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වේයන්ගොඩ පොලිස් වසමේ […]

සුප්‍රසිද්ධ සිත්තරා ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට මෝනාලීසා සිතුවමට සුප් බඳුනකින් දමා ගසා තිබේ. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ වැකි පළකළ විරෝධතාකරුවන් දෙදෙනෙක් විසින්, ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති සිතුවමට මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා. වෙඩි නොවදින වීදුරු ආවරණයක ආරක්ෂාව ඇති නිසා සිතුවමට හානියක් විය නොහැකි බවයි, ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ. 16 වැනි […]

පස්සර බඩල්කුඹුර මාර්ගයේ ගමන් කරමින් තිබු මෝටර් රථයක්  තෝලබෝගස්වත්ත ප්‍රදේශයේ 2 කණුවේදි  දි ඊයේ (27) දින අළුයම ගිණිගෙන විනාශයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. බදුල්ල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු කතරගම සිට නැවත බදුල්ල බලා එමින් සිටියදි අළුයම 4.30 පමණ එකවරම මෝටර් රථයෙන් දුමක්  සමගම ගින්නක් ඇතිවු බවත් ඒ අවස්ථාවේ දි එය නවතා […]

තලවතුගොඩ පෙරේරා මාවතේ සිය නිවස අනවසර ඉදිකිරීමක් බවටත් ඊට යාබද රජයේ ඉඩමක් සිය බලතල යොදා ගනිමින් අනවසරයෙන් පුරවන බවටත් එල්ලවන චෝදනා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. ඔහු අවධාරණය කරන්නේ මෙම චෝදනාව එල්ල කරන අයට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි. තලවතුගොඩ පෙරේරා මාවතේ ප්‍රසන්න රණතුංග […]

ලාංකේය ගුවන් විදුලිය තුළ දෙවැනි නිවේදිකාව වූ නන්දා ජයමාන්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට ඇය 94 වන වියෙහි පසු වූවාය. සතියක පමණ කාලයක් පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගත් ඇය පසුගියදා (ජනවාරි 26 වැනිදා) රාත්‍රියේ ජීවිතයෙන් සමුගෙන තිබේ. දකුණුලක අම්බලන්ගොඩ හීනැටියන ඇගේ උපන් ගමයි. ඇය උපත ලබන්නේ 1930 […]

දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) චන්ද්‍රසේන බණ්ඩාර පැවසීය. පාර්සලයක් වෙනුවෙන් මීට පෙර අය කළ අවම ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 150 දක්වා ඉහළ […]

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී ඇරඹෙයි. ඊයේ (27) පස්වරු 3.00 ට ඇරඹි නව සන්ධාන මංගල ජන රැළියට  විශාල ජනකායක් සහභාගී වී තිබේ. ජනරැළි භූමීය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් මේ වන විට පිරී ගොස් තිබේ. නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.