ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කරනවා. මෙම හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 51% කට වැඩි ප්‍රතිශතයක් හිමි වන්නේ, ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ටයි. […]

මුලින්  නිකුත් කෙරුණු තීරු බදු රහිත  වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර  දෙන්නැයි  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ  රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කළහ. මේ අනුව මෙම කාරණය පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී  සාකච්ඡා කිරීමට […]

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට බදු දිමට රජය තීරණය  කර තිබේ. ඒ අනුව දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවා ඇති බව වරාය  නාවික හා ගුවන් ගුවන්  සේවා අමාත්‍ය නිමල් සිරිපාල  දසිල්වා පැවසීය . සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බවද ඇමතිවරයා කීය. මේ අතර මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් […]

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන ඇත. මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් […]

ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ […]

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකක් සිය අයිතියට ලබා ගැනීම සඳහා මේ වනවිට ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සූක්ෂ්ම තරගයකට අවතීර්ණ වී ඇති බව ව්‍යාපාර ක්ෂේත්‍ර ආරංචිමාර්ග පවසයි. මෙම රෝහල් දෙකින් එකක් ණය අර්බුදයක් හේතුවෙන් පරාටේ නීතියට අනුව වාණිජ බැංකුවක් මගින් විකුණා දැමීමට එම බැංකුව උත්සාහ ගෙන ඇති අතර […]

සෞඛ්‍ය අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ කිසිදු සහයෝගයක් ලබා නොදීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඊයේ (පෙබ. 1) තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය පිළිබඳ රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් සිය ඉල්ලීම්වලට සාධාරණ ප්‍රතිචාරයක් දක්වනතුරු සිය වැඩ වර්ජනය […]

රජය මගින් අලුතින් හදුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් ටීඅයිඑන් අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ටීඅයිඑන් අංකය නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම සහ සම්පත් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ද එම ආරංචි මාර්ග කියයි. බදු […]

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබේ. මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝග්‍රෑමයක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි. එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.  

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා ඇත.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.