TIN අංකය කාලය කල් දැමේ . . .

රජය මගින් අලුතින් හදුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් ටීඅයිඑන් අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ටීඅයිඑන් අංකය නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම සහ සම්පත් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ද එම ආරංචි මාර්ග කියයි.

බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය වයස 18 ට වැඩි සියලුම පුරවැසියන් ජනවාරි මස 1 වැනිදා සිට අනිවාර්යෙන් ලබාගත යුතු බවට රජය නිවේදනය කර තිබුණ අතර ගැටලු හේතුවෙන් එය අප්‍රේල් මස දක්වා කල්දැමීමට තීරණය කර ඇතැයි ද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

එම කල්දැමීම සිදුකළ ද පුරවැසියන්ට ටීඅයිඑන් අංකය ඉල්ලුම් කිරීමට අප්‍රේල් මස වන තෙක් නොසිට ඕනෑම අවස්ථාවක එය ලබාගත හැකි බව ද එම ආරංචි මාර්ගය කියයි.

  • රන්ජන් කස්තුරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් තහනම අවසන් . . .

Thu Jan 11 , 2024
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (11) පස්වරුවේ පැවසීය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x